27 April 2024
#දේශීය

මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයට චූඩාමාණික්‍යයක් ප්‍රදානය කෙරේ

රත්නපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි කහවත්තේ සේනින්ද හිමියන් විසින් රත්නපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ වෙනුවෙන් මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය වෙත චූඩාමාණික්‍යයක් ප්‍රදානය කළ බව මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි/සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි මුගුණුවෙල අනුරුද්ධ හිමියෝ පැවසුහ.

අනුරුද්ධ හිමියෝ කියා සිටියේ එම චුඩා මාණික්‍ය මාතලේ උකුවෙලවත්ත ගුණසේකරාරාම විහාරස්ථානයේ අභිනව චෛතයයේ පැළඳවීම සඳහා මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි මුගුණුවෙල අනුරුද්ධ හිමියන්ගේ හා මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති කොස්ගොල්ලේ සීලරතන හිමියන්ගේ සහභාගිත්වයෙන් මාතලේ දිසාපති තේජානි තිලකරත්න මහත්මිය විසින් උකුවෙලවත්ත, ගුණසේකරාරාමාධිපති නුගලියද්දේ සාන්ත රතන හිමියන් වෙත ප්‍රදානය කිරිම ඉකුත්දා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි සිදු කෙරුණි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *