කුඹුරු අක්කර 400 කට අධික ප්‍රමාණයකට අවශ්‍ය ජලය සපයන මාතලේ මඩවල උල්පත නෝනාමුර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගියදා නිල වශයෙන් ආරම්භ විය.
මෙම අමුණ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 50 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.














