27 April 2024
#දේශීය

මාතලේ මුලස්ථාන පොලිසියේ ගෙවත්ත

මාතලේ මුලස්ථාන පොලිසිස් භූමියේ සාර්ථක ලෙස ගෙවතු වගාව මේ වන විට සිදු කරමින් පවති.

මාතලේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන මහතාගේ මුලිකත්වයෙන් සියලුම නිලධාරින්ගේ මැදිහත්විම සහ කැපවිම මත මෙම කටයුතු සිදු කෙරේ.

ජනතාව මෙන්ම අනෙකුත් පිරිස් මේ වන විට මුහුණ දි සිටින ආහාර අර්බුදයට පිළියමක් ලෙස සේම පොලිසිය වෙත පැමිණෙන මහජනතාව දැකබලා ගත හැකි පරිදි ආදර්ශමත් ලෙස මෙම කටයුත්ත සිදු කර තිබේ.

මෙම වගාව සසදහා ඉකුත්දා මාතලේ නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන මහතා විසින් පොහොර ලබා දිමද සිදු කළේය.

විවිධ ආහාර බෝග කෙසෙල් මෙන්ම අනෙකුත් බෝගද මෙිහි වගා කර තිබිම විශේෂත්වයකි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *