මාතර නාදුගල වේල්ල ආසන්නයේදී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව තිබේ. අනතුරේ බලපෑමෙන් වාහන දෙකම මාර්‌ගයෙන් ඉවතට පැන ඒ ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක නතර වී ඇති බව වාර්‌තා වේ.
අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා ඇති අතර, ප්‍රතිකාර සඳහා ඔහු මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් තිබේ. ඔහුගේ තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්‌තා වී නොමැත.
අනතුර සිදුවීමට නිශ්චිත හේතුව පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අපේක්ෂිතය.













