මාතර පොලිස් වසමේ, මාතර නගරයේ ධර්මපාල මාවතේ පිහිටි රෙදිපිළි වෙළඳසැලක ඊයේ (17) රාත්‍රී කාලයේ හදිසි ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්න පිළිබඳව මාතර පොලිසියට ලද පණිවිඩයක් මත වහා ක්‍රියාත්මක වූ මාතර පොලිසිය, මාතර මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ මාතර යුධ හමුදා කඳවුරේ නිලධාරීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත.
ගින්න හේතුවෙන් අදාළ වෙළඳසැලට සහ ඒ අසල පිහිටි තවත් වෙළඳසැල් කිහිපයකට බරපතල අලාභහානි සිදුවී ඇතත්, වාසනාවකට මෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත. ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මාතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















