19 හැවිරිදි තරුණයෙකු පැහැරගෙන ගොස් ගෙල සිරකර කැලණි ගඟේ ගිල්වා ඝාතනය කිරීමේ අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි. සැකකරුවන් පැහැර ගැනීම සඳහා යොදාගත් සුඛෝභෝගී මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ 14, ඩූ මැන්ඩල් පාරේ පදිංචිව සිටි ශ්‍රී කාන්දන් බාත්තික්කුමාර් නමැති තරුණයෙකි. ඉකුත් 22 වන දින මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් පිරිස මෙම තරුණයා පැහැරගෙන ගොස් මට්ටක්කුලිය, කැලණි ගඟ, දෙල්ගහවත්ත හන්දිය අසල ගං ඉවුරට රැගෙන විත් ඇත. එහිදී රෙදි පටියකින් ගෙල සිරකර ඔහුව ඝාතනය කර සිරුර වතුරේ ගිල්වා පලා ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින අතර මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














