දිගින් දිගටම මූල්‍ය අලාභ ලබමින් පවතින මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ විවිධ ආයෝජන කටයුතු සිදු කිරීම සඳහා දේශීය හා විදේශීය ආයෝජකයින් 19 දෙනෙකු සිය කැමැත්ත පළ කර ඇති බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පවසයි.
ගුවන් තොටුපොළ මෙහෙයුම් කටයුතු, ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන, ගුවන් නියමු පුහුණු පාසල් සහ ඒ ආශ්රිත අනෙකුත් වාණිජ කටයුතු සඳහා මෙම ආයෝජන අවස්ථා විවෘත වන අතර, අදාළ ආයෝජකයින්ගෙන් මිල ගණන් සහ සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තා ඇතුළත් නිල ආයෝජන යෝජනා කැඳවීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.














