මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රය තුළ නව වනජීවි කාර්යාලයක් පිහිටුවීම සඳහා වන ගිවිසුමකට අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අත්සන් තබන ලදී. ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අතර මෙම ගිවිසුම අත්සන් කෙරුණු අතර ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ වැඩබලන අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඩබ්ලිව්. එස්. මංගල මහතා සහ වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා ඊට අත්සන් තැබූහ.
මෙම නව කාර්යාලය පිහිටුවීමේ ප්‍රධානතම අරමුණ වන්නේ මත්තල ගුවන්තොටුපළ පිහිටා ඇති කලාපයේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ ගුවන් මෙහෙයුම්වලට බාධාවක් විය හැකි සත්ත්ව උපද්‍රව විධිමත්ව පාලනය කිරීමයි. එමඟින් ගුවන්තොටුපළ සේවා සහ මෙහෙයුම්වල සුරක්ෂිතභාවය තහවුරු කිරීමටත් වනජීවීන් කළමනාකරණය කිරීමටත් අපේක්ෂිතය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. ගුවන් තොටුපළ පරිශ්‍රයේ වනජීවී ගැටලු සඳහා ස්ථිර විසඳුමක් ලබා දීමට ගත් මෙම පියවර ගුවන් සේවාවන්හි ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.














