• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පක්ෂ 14 ක් එකතුවෙන් පොහොට්ටුවේ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේදී

29 April 2024
in දේශීය, පුවත්
පක්ෂ 14 ක් එකතුවෙන් පොහොට්ටුවේ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේදී

පක්ෂ 14 ක්ගේ එකතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය මැයි 01 සවස 02.00 ට බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වනු ලබන බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි. මහලේකම්වරයා මේ බව පැවසුවේ අද (29) ‍‍ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

විශාලතම සහ සාර්ථකම මැයි රැළිය මෙවර පක්ෂය විසින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවත් රටට ආදරය කරන ජනතාවගේ බලය පෙන්වීම මෙම මැයි දිනයේ අරමුණ බව හෙතෙම පැවසිය.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “අපි මේ පක්ෂය බිහි කරන්නේ මේ රටට ආදරය කරන, මේ රටේ ඒකීයභාවය අගයන , දේශීයත්වය අගයන ජනතාව වෙනුවෙන්. ඒ බිහිකරපු පක්ෂය, ඒ බිහිකරපු සාරධර්ම, ඒ බිහිකරපු දවසට වගේම අදටත් මේ රටට වලංගුයි. මේ රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් තිබෙන එකම පක්ෂය හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදුන්වන්න පුළුවන්. අපි විවිධාකාරයේ කුමන්ත්‍රණවලට මුහුණදුන්නා. අපි ඒ සියල්ල මැඩපවත්වගෙන අපි කෙරෙහි විශ්වාසය තැබු ජනතාව එකතුකරගෙන මේ පක්ෂයේ ශක්තිය නැවතවතාවක් පෙන්වීමට ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකදී ජයග්‍රහණය කරන්න පුළුවන් ශක්තිමත් පක්ෂය හැටියට අපි ඉන්නවා කියන කාරණය මේ රටට පෙන්වන්න අපි අති දැවැන්ත මැයි රැළියක් සංවිධානය කරලා තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අමතරව අපේ සහෝදර පක්ෂ 14 ක් අපිත් සමඟ එකතුවෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සහෝදර පක්ෂ විසින් පවත්වන මැයි රැළිය මැයි 01 සවස 02.00 ට බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වනු ලබනවා. මේ වර්ෂයේ පැවැත්වෙන විශාලතම සහ සාර්ථකම මැයි රැළිය අපි මෙවර පවත්වන්නට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. මේ රටට ආදරය කරන ජනතාවගේ, මේ රට වෙනුවෙන් නැගිසිටින ජනතාවගේ බලය පෙන්වීම තමයි අපේ මේ මැයි දිනයේ අරමුණ. මේ රටට ආදරය කරන ජනතාව තර්ජන, ගර්ජන, හිංසා පිඩාවලින් නතර කරන්න බැහැ කියන ඒ පණිවිඩය රටට දෙන්න මෙවර මැයි දිනයේදී අපි කටයුතු කරනවා. ඒ වගේම මැයි දිනය දේශපාලන පක්ෂ විසින් පැවැත්වුයේ ක්‍රිඩා පිට්ටනිවල. නමුත් මෙවර පිට්ටනියක මැයි දිනය පවත්වන්න තරම් ශක්තියක් , විශ්වාසනීයත්වයක් තිබුණු එකම පක්ෂය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්වෙලා තිබෙනවා. අනෙකුත් සියලු පක්ෂ තමුන්ගේ නොහැකියාව වසාගන්න පාරවල මැයි දිනය පවත්වන්න කොටුවෙලා තිබීම ඉතාම කණගාටුදායක තත්ත්වයක්. සමගි ජනබලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් මෙවර මැයි දිනය පවත්වන්න පාරකට කොටුවෙලා තිබෙනවා. එය ඉතාම කණගාටුදායක තත්වයක්. සමහර පක්ෂ පිට්ටනිවලින් පෙළපාලි ආරම්භ කරලා මැයි රැළිය පාරක සිදුකිරීම තරම් තත්වයකට වැටිලා තිබෙනවා. මේ සිදුකරන්නේ රූපවාහිනියකට, පුවත්පත්වලට, රාත්‍රි ප්‍රවෘත්තිවලට පාරක ඇතුළත තදබදවෙලා සිටින සෙනග සිටින විෂුවල් එකක් පෙන්වලා ජනතාව රවට්ටන්න දරන උත්සහයක්. පක්ෂයක් විදිහට මෙය කණ‍ගාටුදායක තත්වයක් කියලා කියනවා. මේවර ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම මැයි රැළිය පවත්වන පක්ෂය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්වෙනවා. ඔබ සැමට ආරාධනා කරනවා රටට ආදරය කරන ජනතාවගේ මැයි දිනයට එකතුවෙන්න කියලා.” යනුවෙන් මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා මෙහිදි සඳහන් කළේ ය.

Post Views: 9,622
Previous Post

ඖෂධ හා රූපලාවන්‍ය කර්මාන්ත සංවර්ධනයට නව උපදේශන කමිටු සාමාජිකයින් පත්කෙරේ

Next Post

කුරුඳු වගාව නැවත රට තුළ ව්‍යාප්ත කිරීමට සැලසුම් ඇති බව ජනපති පවසයි

editor ttvnews

editor ttvnews

Next Post
කුරුඳු වගාව නැවත රට තුළ ව්‍යාප්ත කිරීමට සැලසුම් ඇති බව ජනපති පවසයි

කුරුඳු වගාව නැවත රට තුළ ව්‍යාප්ත කිරීමට සැලසුම් ඇති බව ජනපති පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved