• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඒකාබද්ධ වූ සියලුම පක්ෂ සමඟ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේදි- මන්ත්‍රී රෝහිත

28 April 2023
in දේශීය

සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සාර්ථක මැයි දින රැළියක් බවට පත් කරලීමට කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා,“තව දින කිහිපයකින් ලෝකයේ වෙසෙන කම්කරුවන් සහ ශ්‍රී ලාංකික අපේ කම්කරු ජනතාවත් තමන්ගේ කම්කරු දිනය මැයි 01 දා ඒ වෙනුවෙන් සැමරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙළ සකස් වෙනවා. මේ මැයි දිනය කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන්ට තමන්ගේ මත ප්‍රකාශ කිරීමට තිබෙන දිනයක්. පහුගිය අවුරුදු ගණනාව තුළ එනම් කොවිඩ් වසංගතය නිසා අපිට මැයි දිනය සමරන්න පුළුවන්කම ලැබුණේ නෑ. අනිත් පැත්තෙන් 2022 වර්ෂයේදි අරගලකරුවන් මේ රට එහෙම්පිටින්ම ඉතාම අසරණ තත්වයකට පත්කරපු නිසා මේ මැයි දිනය සැමරීමට පුළුවන්කමක් ලැබුණේ නෑ. නමුත් අද අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අපිත් සමඟ ඒකාබද්ධ වුණු සියලුම පක්ෂ සමඟ ඒකාබද්ධ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේදි පැවැත්වීමට කටයුතු මේ වන විට සූදානම්වෙමින් පවතිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ සහ ඒ වගේම මහජන එක්සත් පෙරමුණේ නායක ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඇතුළු සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් මේ මැයි දින රැළිය සාර්ථක මැයි දින රැළියක් බවට පත් කරන්න කටයුතු සූදානම් කර තිබෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපේ සියලුම වැඩකටයුතු අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි හැම දිස්ත්‍රික්කයක්ම , ලංකාවේ හැම මැතිවරණ කොට්ඨාශයක්ම ආවරණය කරමින් අපි කැම්බල්පිටියට අපේ පක්ෂයේ දැවැන්ත මැයි දින රැළියට සහභාගි කරවන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරලා තිබෙනවා. ඒ වෙනුවෙන් දිස්ත්‍රික් නායකතුමන්ලා, ආසන භාරව ඉන්න සංවිධායකතුමන්ලා ඇතුළු සියලුදෙනා එහි කැඳවීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ශක්තිමත්ව කරගෙන යනවා. මේ අවස්ථාවේ අපි දකිනවා ලෝකයේ කම්කරු දිනය සමරන ගමන් ලංකාවේත් දැන් කම්කරු දිනය සැමරීම වෙනුවෙන් අවශ්‍ය වටපිටාව ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදි වටපිටාවක් නිර්මාණය කිරීමට අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපේ කෘතවේදිභාවය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි ප්‍රකාශ කරනවා. 1971, 1988,1989 මේ රටේ කැලෑ නිතිය තිබුණා. හැබැයි ඒ කැලෑ නිතිය ක්‍රියාත්මක වුණොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවෙලා ත්‍රස්තවාදය ඉස්මතුවෙන ,රට කඩාකප්පල් කරන පිරිස් තමයි රටේ නිතිය අතට ගන්නේ. එවැනි තත්වයක් පහුගිය දවස් ටිකේ අපි දැක්කා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බොහෝම පැහැදිලිව මේ මැයි දිනය සමරන ඕනෑම පක්ෂයකට තමන්ට ප්‍රජාතන්ත්‍රවාදි ලෙස ඒ මැයි දිනය සමරන්න අවශ්‍ය කරන ඒ ප්‍රජාතන්ත්‍රවාදි රාමුව සහ ඒ සියලු කටයුතු රජය විසින් මේ වන විට ක්‍රියාත්මක කරනවා. අදත් මේ මොහොතේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙනවා. දැන් මේ වන විට රට ස්ථාවරභාවයට පත්වෙමින් පවතිනවා. රට ස්ථාවරභාවයට පත්වෙනකොට අපි දකිනවා මේ IMF එකත් එක්ක ගණදෙනුව කරන්නේ මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න. හැබැයි අපි හිතන්නේ නැ මේ IMF එකෙන් ලැබෙන මුදල්‍වලින් සියල්ල කරන්න වෙයි කියලා. අපි උත්සහා කරන්නේ අපි යන්තම් මේ තියෙන තත්වයෙන් ඔළුව උස්සගන්න. ඊට පස්සේ අපිට සිදුවෙනවා නව ක්‍රමවේදයන් තුළ මේ රටට ආයෝජකයන් ගෙන්වා ගැනීම , අපේ කාර්යක්ෂමතාවය වැඩිකරවා ගැනීම, අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කරගැනීම මෙවායින් තමයි අපේ ආර්ථිකය නඟා සිටුවන්න පුළුවන් වෙන්නේ. දැන් තිබුණු තත්වයට වඩා ස්ථාවරභාවයකට පත්වෙනකොට අපිට පේනවා විපක්ෂය හැමදාම උත්සහ කරන්නේ කොයි දේ කෙරුවත් ඔවුන්ට කවදාවත් මොනදේවත් හොඳවියට දකින්න පුරුදුවෙලා නෑ. නමුත් ඔවුන්ගේ මේ උත්සහයන් තුළ අපිට පේනවා කිසිසේත්ම එය සාර්ථක වෙන්නේ නෑ. ඔවුන් හදන්නේ රට අස්ථාවර කරන්න. එයින් ඔවුන්ට අවශ්‍ය වෙන්නේ රට අස්ථාවර වුණාම ඒ විපක්ෂයට පුළුවන් ස්ථාවර වෙන්න. ඒ ස්ථාවරභාවය ඇති කරගන්න තමයි ඔවුන් අද කටයුතු කරන්නේ. ඒ නිසා අපි බොහෝම පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානගත මැයි දින රැළිය ලංකාවේ මැයි රැළිවලින් සාර්ථක රැළිය බවට මැයි 01 දා මේ 2023 අපි ක්‍රියාත්මක කරනවා. ”යැයි මන්ත්‍රී රෝහිත අ‌බේගුණවර්ධන මහතා කියා සිටියේය.

Post Views: 10
Previous Post

ඡන්දේට සල්ලි දෙන්න බැරිනම් ඉදිරිපත් වූ රාජ්‍ය සේවක අපේක්ෂකයන්ගේ වැටුප්වත් ගෙවන්න – විපක්ෂනායක සජිත්

Next Post

ප්‍රොජෙක්ට් රන්’ සම්මානලාභී පාසල් සඳහා සම්මාන පිරිනැමිම අගමැති ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

ප්‍රොජෙක්ට් රන්’ සම්මානලාභී පාසල් සඳහා සම්මාන පිරිනැමිම අගමැති ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved