• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැදවච්චියේ අයි.ඕ. සි පිරවුම් හල බර අදිද්දි ඒකටත් පිරිසක් චන්ඩි පාට් දමයි

18 July 2022
in දේශීය

එකම පිරිසක් දිගින් දිගටම මැදවච්චිය,පූනෑව පිහිටා ඇති අයි.ඕ.සී ඉන්ධන හල ඉදිරි පිට කලකෝලහල ඇති කරමින් ජනතාව සහ ඉන්ධනහලේ සේවකයින් අපහසුතාවයට පත් කිරීමට උත්සහ කරන බව මැදවච්චිය ඉන්ධන පාරිභෝගිකයින් පවසති.

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ 60,000 ට ආසන්න ජන සංඛ්‍යාවකට මේ වන විට තනිවම සේවාව සපයන පූනෑව අයි.ඕ.සී ඉන්ධන පිරවුම් හලේ ආරක්ෂාව තර විය යුතු බවත් මේ වන විට මැදවච්චිය නගරයේ පිහිටා ඇති ඉන්ධන හල් දෙකක් වැසී ගොස් ඇති බවත් එසේ තිබියදීත් තනිවම බාධක රැසක් මැද ජනතාව හට අඛණ්ඩව ඉන්ධන සැපැයීම සිදු කරමින් සිටින අයි.ඕ.සී ඉන්ධන හලේ කලමණාකාරිත්වයට සහ සේවකයින් හට යහපත් මානසිකත්වයකින් යුතුව සේවාවන් සිදු කිරීමට අවශ්‍ය පරිසරය මැදවච්චිය බලධාරින් විසින් නිර්මාණය කර දිය යුතු බව ඔවුහු වැඩි දුරටත් පවසති.

මේ දින වල මැදවච්චිය, පූනෑව ඉන්ධන පිරව්ම්හල ඉදිරිපිට දෛනිකව විශාල ඉන්ධන පාරිභෝගිකයින් සංඛ්‍යාවක් රැදී සිටින අතර ඒ තුළ ඉන්ධන ජාවාරම් කරුවන්ද රැදී සිටිති. පූනෑව අවට මහා පරිමාන ඇතැම් කූට ව්‍යාපාරකයින් සාමාන්‍ය ජනතාවට නොදී ඉන්ධන පෝලිමේ ඉදිරිය තැරැව්කරුවන් යොදා දෛනිකව ඩැහැ ගනිමින් ඉන්ධන තොග රැස් කරමින්ද සිටිති.

එවැනි ජාවාරම් කරුවන් කිහිපයක් පසුගිය දින වල පූනෑව පොලිස් ස්ථානයේ වැටලීම් නිලධාරින්ද අත් අඩංගුවට ගෙන තිබුණි. ඒ පිළිබඳ ඉන්ධන පාරිභෝගික ජනතාව ප්‍රකාශ කළේ තෝරුන්ට, මෝරුන්ට, අත නොගහා හාල් මැස්සන් අත් අඩංගුවට ගැනීමෙන් ඉන්ධන හල් ඉදිරිපිට ඇති වන ගැටුම් නවතා දැමීමට නොහැකි බවයි.

ඒ අනුව මෙම ඉන්ධන හලේ ආරක්ෂාව තර කරමින් සාමාන්‍ය ජනතාවට ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙස ආරක්ෂක අංශ වලින් ජනතාව ඉල්ලා සිටිති.

ඒ පිළිබඳ පූනැව අයි.ඕ.සී කලමණාකාරිත්වය මෙසේ පැවසිය ” අපි ඉන්ධන හලේ ඉන්ධන තොග සගවා ගැනීම් සිදු කරන්නේ නෑ. නමුත් අපි අත්‍ය අවශ්‍ය සේවාවන් වලට ඉන්ධන ලබා දිය යුතුයි. එසේ නොමැතිනම් මැදවච්චිය සහ අවට රෝහල් වැසී යාමට පුලුවන්, රාජ්‍ය ආයතන වැසී යාමට පුලුවන්. බැංකු පද්ධතිය වැසී යාමට පුලුවන්. නමුත් අපි කලමණාකාරිත්වය හැටියට මේ පිරිස් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්න ගොඩාක් උත්සහ කරනවා. ස්වාමින් වහන්සේ නමක් වඩින රථයට ඉන්ධන ටිකක් නිකුත් කරන්න බැරි තත්ත්වයට අද සමාජය පිරිහිලා. අපිට අවශ්‍ය තීන්දු තීරණ අපි ඇතැම් වෙලාවන් වල ගන්නවා. ඒ එක් පාරිභෝගිකයෙක් ගැන හතලා නොවේ. සමස්ත ජනතාව ගැන හතලා. ඒවාට විරෝධය පාලා මෙතන කෑ කෝ ගහල බන්ධන ටැංකි වල තෙල් පරික්ෂා කරන්නත් පිරිසක් දැන් හුරු වෙලා ඉන්නවා. එකම පිරිසක් මේ ක්‍රම වේද කඩා කප්පල් කරන්නයි ඒ හදන්නේ. ඒ අයගේ මඩිය තර කර ගන්න. ඇත්තටම මේ ඉන්ධන හලත් නොතිබුණානම් මැදවච්චිය ජනතාවට අත් වෙන ඉරණම දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරයි. ඒ නිසා මෙහි පැමිණෙන චන්ඩින්ට නීතීය දැඩිව ක්‍රියාත්මක විය යුතුයි කියන එකයි මගේ අදහස යැයි පැවැසූහ.

මැදවච්චිය-ගයාන්

Post Views: 17
Previous Post

මාතලේ පුරා විද්‍යා කාර්යාලය විවෘත කෙරේ

Next Post

රට පුරා හදිසි නීතිය – වැඩබලන ජනපති

editor

editor

Next Post

රට පුරා හදිසි නීතිය - වැඩබලන ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved