මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 21ක් සහ බන්ධනාගාර නිලධාරීන් 10 දෙනකු මරණයට පත්වීම සම්බන්ධයෙන් වූ නඩුව මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, බන්ධනාගාර නිලධාරීන්, රැඳවියන්, එස්ටීඑෆ් සහ පොලිස් නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 969 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමට ආසන්නම හේතුව වී ඇත්තේ බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ලැබෙන පිළිවෙළ පිළිබඳව ‘පාටි’ නමැත්තකු සිදුකළ අනාවරණයක් බවත්, ඒ අනුව සැකකරුවන් 40 දෙනකු අන්වර්ථ නාමයෙන් හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ සැබෑ නම් අනාවරණය කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් සීඅයිඩී එක වැඩිදුරටත් පෙන්වා දී තිබේ. ගැටුම ඇති වූ දිනයේ වැලිකඩ බන්ධනාගාරයෙන් ගිනි අවි සහ පතරොම් රැගත් නිලධාරීන් 89 දෙනකු මීගමුව බන්ධනාගාරයට යවා ඇති අතර, කණ්ඩායම් 7ක් යොදා සිදු කළ වාට්ටු පරීක්ෂා කිරීම්වලදී ජංගම දුරකතන සහ විද්‍යුත් උපකරණ ඇතුළු නඩු භාණ්ඩ විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇත.














