හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (අගෝස්තු 21) ආරම්භ වන වාර්ෂික වෙළෙඳ සේවා මලල ක්‍රීඩා ශූරතාවලිය ඉදිරි දින තුන පුරා පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය සඳහා ප්‍රධාන පෙළේ සමාගම් 46ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1,824 දෙනෙක් සහභාගී වන අතර, ඔවුන් ඉසව් 333ක් සඳහා තරග වැදීමට නියමිතය.
වෙළෙඳ සේවා ක්ෂේත්රයේ සේවය කරන වෘත්තිකයන් මලල ක්‍රීඩා සඳහා දිරිමත් කිරීම, සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වා ගැනීමට ඔවුන් පොළඹවාලීම මෙන්ම ආයතන අතර ශක්තිමත් සබඳතා ගොඩනැංවීම මෙම ශූරතාවලියේ ප්‍රධාන අරමුණ වී තිබේ. තරගාවලියේ සංවිධාන කටයුතු වෙනුවෙන් සභාපති ප්‍රසන්න ඉන්දික, ලේකම් මහේෂ් ගුණරත්න සහ භාණ්ඩාගාරික බැසිල් සිල්වා යන මහත්වරුන් ඇතුළු සංවිධායක මණ්ඩලය කටයුතු කරයි.














