ජනක කෘතිම බුද්ධි (Generative AI) ක්ෂේත්‍රයේ පවතින දැඩි තරගකාරීත්වය හමුවේ Meta සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg සිය පර්යේෂකයන් සමඟ එක්ව යළිත් සෘජුවම කේතකරණ කටයුතුවල නිරත වීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ. OpenAI, Anthropic සහ Google වැනි දැවැන්තයින් සමඟ කරට කර සටනක නිරත වීම සඳහා ඔහු සිය කාර්යාල මේසය ද AI පර්යේෂණාගාරය වෙත ගෙන ගොස් ඇති බව Meta සභාපතිනී Dina Powell McCormick ප්‍රකාශ කළාය.
සෘජු මැදිහත්වීම: Zuckerberg සතියකට පැය 5 සිට 10 දක්වා කාලයක් විවිධ AI ව්‍යාපෘති සඳහා කේතකරණයේ යෙදෙන අතර සෙසු සේවකයින්ගේ කාර්යයන් ද පෞද්ගලිකවම සමාලෝචනය කරයි. ඔහු Alexandr Wang සහ Nat Friedman වැනි ප්‍රවීණයන් සමඟ එක්ව පර්යේෂණාගාරය තුළ රැඳී සිටිමින් කටයුතු කරන බව වාර්තා වේ.
නව ආයතනික ව්‍යුහය: “Superintelligence Labs” නමැති නව AI සංවිධානය හරහා Meta සමාගම දැවැන්ත ආයෝජන සිදු කරමින් පවතී. ඔවුන් මෑතකදී Scale AI ආයතනය වෙනුවෙන් ඩොලර් බිලියන 15ක ආයෝජනයක් සිදු කළ අතර GitHub හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී Nat Friedman ද සිය කණ්ඩායමට එක්කර ගෙන ඇත.
සාර්ථකත්වයේ සලකුණු: Meta සමාගම අනෙකුත් සමාගම්වලට වඩා තරමක් පසුපසින් සිටින බවට මීට පෙර මත පළ වුවද, මෑතකදී ඔවුන් හඳුන්වා දුන් “Muse Spark” නමැති නව AI මාදිලිය සමඟ එම තත්ත්වය වෙනස් වී තිබේ. මෙම නව මාදිලිය එළිදැක්වීමත් සමඟ Meta කොටස් මිල 8%කින් ඉහළ ගිය අතර Zuckerberg එය සිය ආයතනයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීය.
AI මාදිලි වඩාත් ශක්තිමත් කිරීම සඳහා ඒවායේ ක්‍රියාකාරිත්වය ගැඹුරින් අවබෝධ කරගත යුතු බව පවසන Zuckerberg, නව සේවකයින් බඳවා ගැනීමේ කටයුතුවලට ද සෘජුවම දායක වෙමින් සිටියි.














