• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බුරවි සුළි කුණාටුව රාත්‍රීයේදී දිවයින තුළට ඇතුලු වේ යැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවයි

2 December 2020
in දේශීය

බුරවි සුළි කුණාටුව නිරිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240 ක් නැගෙනහිරට බරව ගිණිකොණ දෙසින් උතුරු අක්ශාංශ අංශක 8 කලා 4 ත් නැගෙනහිර දේශාංශ අංශක 83. කලා 4 ටත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළින් අද දින (02) රාත්‍රී කාලයේ දිවයිනට ඇතුලු විය හැකි බවයි.

මෙම පද්ධතිය හේතුවෙන් ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය දක්වා ත් පුනරින් සිට පුත්තලම දක්වා ත් වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශ වල රළ මට්ටම මීටර් 01 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව ත් මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිම් ප්‍රදේශවලට පැමිණිය හැකි බවත් මෙම නිවේදනයේ සදහන් කර ඇත.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සුළගේ වේගය පැයට කිලෝමීටර් 100 ක් දක්වා ඉහළ යා හැකිය. සෙසු පළාත්වල සුළගේ වේගය පැයට කාලෝමීටර් 60-70 ක් දක්වා ඉහළ යාහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

බුරවි සුළි කුණාටුව හේතුවෙන් අද (02) දින උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මිලිමිටර් 200 ඉක්ම වු වැසි බලාපොරෝත්තු විය හැක. එසේම සෙසු පළාත්වලට ද මිලි මීටර් 100 ඉක්මවා වැසි ඇතිවිය හැකිය.

එසේම මෙම පද්ධතිය නිසා දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 100 ක් දක්වා වැඩි විය හැක. එනිසා නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වල නිරත වීමෙන් වැළකෙන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඇතිවිය හැකි ආපදා අවදානම් තත්වය පිළිබද දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 අමතා මේ පිළිබදව වැඩි දුර තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් මේ පිළිබදව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බැවින් මාධ්‍යට සවන් දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Post Views: 8
Previous Post

කොළඹ මාර්ග තදබදය නැති කිරීමට ජොන්ස්ටන් මැදිහත් වෙයි

Next Post

කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර නැති බව ඇමැතිනි පවිත්‍රා කියයි

editor

editor

Next Post

කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර නැති බව ඇමැතිනි පවිත්‍රා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved