මෙක්සිකෝවේ පුවර්ටෝ මැඩෙරෝ ප්‍රදේශයට රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කරනවා. එම ආයතනයේ දත්තවලට අනුව, මෙම භූ චලනය පොළොව මතුපිට සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් පිහිටි කේන්ද්‍රස්ථානයක සිදුව තිබෙනවා.
මෙම භූමිකම්පාව හේතුවෙන් සිදු වූ දේපළ හෝ ජීවිත හානි පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.














