ලොව ප්‍රමුඛතම වින්ඩෝස් මෘදුකාංග නිෂ්පාදකයා වන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම සිය ව්‍යාපාරයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සේවකයන් 4,800ක් රැකියාවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මේ වන විට කොටස් වෙළෙඳපොළ තුළ දැඩි දුෂ්කර කාල පරිච්ඡේදයක් පසුකරන මයික්‍රොසොෆ්ට් සමාගමේ කොටස් මිල මේ වසරේ පළමු මාස 6 ඇතුළත පමණක් 23%කින් පහත වැටී ඇත. කෘත්‍රිම බුද්ධි (AI) යටිතල පහසුකම් වෙනුවෙන් අධික පිරිවැයක් දැරීම මෙම දැවැන්ත සේවක කප්පාදුවට සෘජුවම හේතු වී තිබේ.
මයික්‍රොසොෆ්ට් ඇතුළු ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගම් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වෙනුවෙන් මේ වසරේදී වැය කිරීමට නියමිත මුදල අමෙරිකානු ඩොලර් බිලියන 700 ඉක්මවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. AI තාක්ෂණයෙන් ප්‍රතිලාභ ලැබීමට සහ ව්‍යාපාර පුළුල් කිරීමට වැය වන මෙම අධික පිරිවැය පියවා ගැනීම සඳහා මෙලෙස මහා පරිමාණයෙන් සේවකයන් කප්පාදු කිරීමට සමාගම්වලට සිදුව ඇත. මයික්‍රොසොෆ්ට් සමාගමට අමතරව ඇමසන් (Amazon) සහ මෙටා (Meta) යන ලෝක පූජිත සමාගම් ද මේ වන විට සිය සේවකයන් දහස් ගණනක් රැකියාවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
















