Microsoft සමාගම එක් වෙළෙඳ දිනයකදී පමණක් සිය වෙළෙඳපොළ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 450කින් පමණ ඉහළ නංවා ගනිමින් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම එක්දින වර්ධනය සනිටුහන් කර ඇත.
මෙම දැවැන්ත වර්ධනයත් සමඟ, කෘත්‍රිම බුද්ධි (AI) චිප් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Nvidia සමාගම අභිබවා යමින් Microsoft සමාගම යළිත් වතාවක් ලොව වටිනාම ලැයිස්තුගත සමාගම ලෙස පෙරමුණ ගැනීමට සමත්ව තිබේ.














