## විශේෂ අවශ්‍යතා ඇති තරුණියකට කළ අපරාධය සැකකරුගේ සරම නිසා එළියට
විශේෂ අවශ්‍යතා ඇති වයස අවුරුදු 22ක තරුණියකට බරපතළ අපයෝජනයක් සිදුකර පලාගිය පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා මිහින්තලේ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
සිද්ධිය සිදු වූ දින උදෑසන එම තරුණියගේ මව අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට ගොස් නැවත නිවසට පැමිණ ඇති අතර, පසුව ඇය දියණියට කතා කළද කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් කාමරයේ දොර පරීක්ෂා කර බැලීමේදී එහි ඇඳ මත සරමක් ගළවා දමා තිබෙනු දැක ඇත. පසුව ඒ පිළිබඳව විමසීමේදී එම සරම අසල්වැසි පුද්ගලයකුගේ බව අනාවරණය වී ඇති අතර, ඒ සමඟම මව විසින් කාමරයේ ඇඳ යට පරීක්ෂා කර බලන අවස්ථාවේදී අදාළ සැකකරු ඇඳ යට සිට පලාගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
පලාගිය සැකකරු දැරිය පදිංචි නිවස ආසන්නයේ පදිංචි අයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, මෙම අපරාධය සම්බන්ධයෙන් අදාළ තරුණිය අනුරාධපුර රෝහලේදී වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිහින්තලේ පොලිසියේ නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.














