27 April 2024
#දේශීය

මිහින්තලය නාමල්වැව ප්‍රතිසංස්කරණයට කටයුතු කරනවා – මන්ත්‍රී දුමින්ද

වසර ගණනාවකින් නිසි ලෙස ප්‍රථිසංස්කරණය නොකෙරුණු මිහින්තලය නාමල්වැව ප්‍රථිසංස්කරණය කිරීමට අවශ්‍යය කටයුතු සිදු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ නාමල්වැව ‌ගම්මානයේ පිහිටි නාමල්වැව ප්‍රථිසංස්කරණය කර දෙන ලෙස ගොවීන් කළ ඉල්ලීමකට අනුවයි.

එම වැව තුළ පාසී, පන් වර්ග ආදී ආක්‍රමණික ශාඛ වර්ධනය වීමෙන් , වැවෙහි ගබඩා වන ජල ධාරිතාව ‌බොහෝ සෙයින් පහළ ගොස් ඇතැයි ගොවීන් එහිදී පෙන්වා දුන්හ.ඒ හේතුවෙන් යල -මහ දෙකන්නයේ කුඹුරු සඳහා අවශ්‍යය ජලය ගබඩා කර ගත නොහැකි බවද ගොවීන් පෙන්වා දුන්හ.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ සාකච්ජා කර,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා කඩිනමින් මෙම වැව පිළිසකර කිරීමට අවශ්‍යය කටයුතු සිදු කරන බවට දුමින්ද දිසානායක මහතා පොරොන්දු විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *