‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් පිහිටුවන ලද ‘රී බිල්ඩින් ශ්‍රී ලංකා’ (Rebuilding Sri Lanka) අරමුදල සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවයන් විසින් අසත්‍ය තොරතුරු පතුරුවමින් සිටින බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කරයි. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, අදාළ සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් මෙම අරමුදලට ලැබුණු රුපියල් බිලියන 10කට ආසන්න දැවැන්ත මුදල අතිශය ඵලදායී මෙන්ම පූර්ණ විනිවිදභාවයකින් (Transparency) යුතුව වියදම් කරමින් පවතින බවයි. මහජනතාව නොමඟ යැවීමේ අරමුණින් පතුරුවනු ලබන මෙවැනි කටකතාවලට සෘජුවම පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, මෙම අරමුදල් ලැබුණු සහ වියදම් වූ ආකාරය පිළිබඳව සියලුම විගණන වාර්තා සහ තොරතුරු ඇතුළත් පූර්ණ වාර්තාවක් මේ වසර අවසන් වීමට පෙර රටට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරන බවයි.
















