27 April 2024
#දේශීය

යාපනයේ ධීවර බෝට්ටු ලියාපදිංචි කිරීමට පියවර ගන්නැයි ඇමැති ඩග්ලස් නිලධාරින්ට උපදෙස් දෙයි

යාපනය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි නොකල සියලු ධීවර බෝට්ටු ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගෙන් නිළධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ , යාපනය දිස්ත්‍රික්කයේ ලියා පදිංචි නොකල ධීවර බෝට්ටු විශාල ප්‍රමාණයක් තිබීම නිසාවෙනි. ඒ අනුව අමාත්‍යවරයා පවසා සිටියේ යාපනයේ ලියාපදිංචි නොකරන ලද බෝට්ටු සියල්ලම ලියා පදිංචි කරණ ලෙස උපදෙස් ලබා දි තිබේ.

ඒ අනුව මේවන විට යාපනය දිස්ත්‍රික්කයේ පමණක් බෝට්ටු 83 ක් ලියා පදිංචි කිරිමට කටයුතු කර ඇති බව ධිවර දෙපාර්තමෙන්තුව පවසයි.

පසුගිය කාලයේ දකුණු මුහුදේ වාරකන් පටන්ගැනීමත් සමග දකුණේ ධිවරයන්ගේ බෝට්ටු විශාල ප්‍රමාණයක් මෙසේ උතුරට විකිණිමත් සමග උතුරේ ලියාපදිංචි නොකළ බෝට්ටු ප්‍රමාණය ඉහලගෙස් ඇත. මෑතකාලයේ මත්කුඩු ජාවාරම හා මුහුදේ සිදු කරණ නීති විරෝධි ක්‍රියා විශාල ලෙස සිදු වු අතර එමගින් ධීවර කාර්මිකයාටද අපහසුතායට පත්වීමට සිදු විය.

බෝට්ටු ලියාපදිංචි නොකිරීම හේතුවෙන් ආපදාවන් සිදුවු අවස්ථාවක රක්ෂණ වන්දි ලබා ගැනීමට නොහැකි විම හා රජය මගින් යම් යම් අවස්ථාවල ධිවර කාර්මිකයන් සදහා ලබා දෙන සහනාධාර ලබා දීමේදි විශාල ගැටලු රෑසකට මුහුණ පෑමට සිදු වී ඇත.

ඒ අනුව උතුරු පළාතේ අනිකුත් දිස්ත්‍රික්ක වල තිබෙන ලියාපදිංචි නොකළ බෝට්ටුද ලියා පදිංචි කිරීම සදහා අමාත්‍යවරයාගේ උපදෙස් මත විශේෂ කණ්ඩායමක් පත්කර ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *