මුදල් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටියදී මියගිය නිලධාරියාගේ මරණය සැක සහිත බවට ඔහුගේ පවුලේ කිසිදු සාමාජිකයෙකු පොලිසියට පැමිණිලි කර නොමැති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
බේරාගැනීම, පුනරුත්ථාපනය සහ වස්තු භංගත්වය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයට අද (06) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. භාණ්ඩාගාරයේ මුදල් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය මතු කළ කරුණු හමුවේ අමාත්‍යවරයා මෙම පැහැදිලි කිරීම සිදු කරන ලදී.














