• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙනුයේ නිවැරදි දත්තයි බව ඇමැති කෙහෙලිය කියයි

26 August 2021
in දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසිලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (26) වෘත්තීය සමිති සංගම් නියෝජිත පිරිසක් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.

මේ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් යම් යම් තාක්ෂණික හා කාල රාමුවන්හි සුළු සුළු වෙනස්වීම් හේතුවෙන් ඇතැමුන් පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

බෝ නොවන රෝග සඳහා සායනික ප්‍රතිකාර වලට යොමුව ඇති වයස අවුරුදු 60 ඉක්මවූ පිරිස් කෙරෙහි මේ වන විට වැඩි අවධානයක් යොමුව ඇතැයිද ඒ සියලු දෙනා ඉතා කඩිනමින් පූර්ණ එන්නතකරණය සඳහා යොමු කරන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසීය.

කොවිඩ් ආසාදිතව මිය යන පිරිසෙන් 86 % පමණ විවිධ සංකූලතා සහිත පිරිස් බවත් , ඉන් 12% ක් පමණ පළමු එන්නත පමණක් ලබාගෙන ඇතැයිද , මිය ගිය අයගෙන් එන්නත් දෙකම ලබාගෙන ඇති පිරිස 2.5% බවත්,ඔවුන්ද විවිධ සංකූලතා පෙන්නුම් කළ අය බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.

ඉදිරියේදී ගෘහස්ථ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හඳුන්වා දීම සඳහා සැලසුම් කර ඇතැයිද ලොව රටවල් රැසක එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා කීය.සංචරණ සීමා පැනවීම් තුළින් පමණක් මෙම වසංගතය මර්දනය කළ නොහැකි බවත්,ලොව අනෙකුත් රටවල් පිළිබඳ සොයා බැලීමේදී ද එය ඔප්පු කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

 

 

Post Views: 10
Previous Post

ආණ්ඩුව යාළුවෝ පෝසත් කරන්න ගොවියාගේ බඩට ගහනවා – මන්ත්‍රීනි රෝහිණි

Next Post

නොවැම්බර්ට පෙර අවුරුදු 18 න් ඉහළ සියලු පුරවැසියන් එන්නත්කරණයට

editor

editor

Next Post

නොවැම්බර්ට පෙර අවුරුදු 18 න් ඉහළ සියලු පුරවැසියන් එන්නත්කරණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved