• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 07ක් තහනම් කරන්න ඇමැති මහින්ද සුදානම්

9 September 2021
in දේශීය

වරක් භාවිතා කර ඉවත ලන තවත් ප්ලාස්ටික් නිෂ්පාදන 07ක් අප රටේ නිෂ්පාදනය, අලෙවිය හා බෙදාහැරීම තහනම් කිරීමට පසුගිය සතියේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත් ඒ අනුව ඊට අදාල ගැසට් නිවේදනය නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලැබුනු වහාම නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (08) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති සතිපතා මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “පසුගිය මාර්තු 31 සිට එක්වරක් පමණක් භාවිතා වන පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන 05ක් අපි තහනම් කළා. පරිසරයට විශාල විනාශයක් කළ සැෂේ පැකට් අපි එම ලැයිස්තුව යටතේ තහනම් කළා. දැන් වෙළෙඳපොළේ ග්‍රෑම් 20ට අඩු ආහාර හා ඖෂධ නොවන සැෂේ පැකට් අලෙවි කරන්නේ නැහැ. අදාල සමාගම් ඒවා නිෂ්පාදනය හා බෙදාහැරීම අත්හිටවනු ලැබ තිබෙනවා. ඒ වගේම අගෝස්තු 01 සිට අපි පොලිතීන්වලින් නිෂ්පාදිත ලන්ච්ෂීට් තහනම් කළා.දැන් වෙළෙඳපොළේ තිබෙන්නේ දිරාපත්වන ලන්ච්ෂීට් පමණයි. ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන භාවිතය පාලනය කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් ගෙන යන ලද වැඩ පිළිවෙළෙ යටතේ එක්වරක් පමණක් භාවිතා වන තවත් නිෂ්පාදන වර්ග 07ක් තහනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගිය සතියේ ලැබුනා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලද පසු ඊට අදාල ගැසට් නිවේදනය වහාම නිකුත් කරන්න අපි කටයුතු කරනවා. ඒ අනුව (01) පානීය අවශ්‍යතා සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් බීම බට හා කළතනයන්, (02) ප්ලාස්ටික්වලින් නිපදවන ලද හැඳි, බීම කෝප්ප, පිහි, ගෑරුප්පු, (03) ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි, (04) ප්ලාස්ටික් කෘත්‍රිම තණ ඇතිරිළි, (05) පොලිතීන් මල්මාලා, (06) හඳුන්කූරු හා පහන්තිර ඇසුරුම් සඳහා පොලිතීන් යොදා ගැනීම, (07) 12X 05X 10 ප්‍රමාණයේ පොලිතීන්වලින් හා ප්ලාස්ටික්වලින් සකසන ලද ග්‍රොසරි බෑග් හා සිලි සිලි බෑග් ඒ අනුව තහනම් වෙනවා. අපේ රටේ අවිදිමත් ලෙස පරිහරණය කරන එක් වරක් පමණක් භාවිතා කරන මෙම පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන නිසා දැවැන්ත පරිසර හානියක් සිදුවෙනවා. විශේෂයෙන් මේවායින් සියයට සියයක්ම නැවත එකතු කරන්නේ නැහැ. එක්කෝ ගිනි තබනවා. එහෙම නැත්නම් පරිසරයට බැහැර කිරීම නිසා අවසානයේ පානීය ජල මූලාශ්‍රවලට හා සාගරයට එක්වෙනවා. අද අපේ සාගරය හරියට මින් පෙර තිබු බේරේ වැව වගේ වෙලා. 2050 වනවිට සාගරයේ මසුන්ට වඩා පොලිතීන් හා ප්ලාස්ටික් වැඩි වෙයි කියළයි අන්තර් ජාතික සංවිධාන කියන්නේ. එමනිසා අප රටේ පරිසරය සුරක්ෂිත කිරීම සඳහා ගන්නා ලද මෙම පියවරයන් සඳහා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි. අපි මෙම තීරණ ගත්තේ අදාල සමාගම් සමග සාකච්ඡා කර ඉන් අනතුරුවයි. බොහෝ ආයතන දැනටමත් ස්වාභාවික ද්‍රව්‍ය උපයෝගී කර ගෙන විකල්ප නිෂ්පාදන ආරම්භ කර තිබෙනවා. මේ නිසා අභාවයට ගිය අපේ දේශීය නිෂ්පාදන කර්මාන්ත සඳහා නැවතත් අවස්ථාවන් සැළසෙමින් තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

Post Views: 12
Previous Post

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධියට අදාළ අයෙකු අත්අඩංගුවට

Next Post

මගඩි රැසක්… දුක් විදින්නේ ජනතාවයි – විපක්ෂනායක සජිත් කියයි

editor

editor

Next Post

මගඩි රැසක්... දුක් විදින්නේ ජනතාවයි - විපක්ෂනායක සජිත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved