27 April 2024
#දේශීය

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධියට අදාළ අයෙකු අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට අදාළව එම දත්ත මෙහෙයුම් කටයුතු කරන ලද පෞද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

එම අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරමින් පවති. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40 ක් වු අයෙකු වන අතර හෙට දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරගෙන යන බව පොලිසිය පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *