වරදක් සිදුකළ පුද්ගලයා තමන් සිදුකළ වරද පිළිබඳව දන්නා බවත්, එම නිසා බය වීම සාධාරණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, ඊයේ (02) නාරාහේන්පිට අභයාරාමය පුරාණ විහාරස්ථානයේ පැවති වැහි පිරිත සඳහා සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එසේම අමාත්‍යවරයා සඳහන් කළේ, එළැඹෙන 12 වැනිදාට පෙර අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් බියක් පවතින්නේ නම්, ඊට පෙර රැස්වීමක් පැවැත්වීමට ඔවුන්ට හැකියාව ඇති බවයි. මීට අමතරව, විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අනුව ජනමත විචාරණයකට යා යුතු බවට තීරණයක් ලැබුණහොත් ඒ සඳහා රජය සූදානම් බවද, කෙසේ වෙතත් ජනමත විචාරණයක් අවශ්‍ය වනු ඇතැයි තමන් නොසිතන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
















