27 April 2024
#දේශීය

මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ක්‍රීඩාංගන කිහිපියක් ඇමැති නාමල් අතින් විවෘත කෙරේ

මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ක්‍රීඩාංගණ වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ මූලික අදියරේ ප්‍රතිසංස්කරණය කෙරනු වන්දරාමුණේ ඩයමන්ඩ්ස් ක්‍රීඩාංගණය, මිරංගනී පාතාත් ක්‍රීඩාංගණය, කොට්ටයික්කල්රු ක්‍රීඩාංගණය. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පසුගිය 23 වනදා විවෘත කරන ලදී.

ඒ, පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතාගේ ඉල්ලීමකට අනුවයි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් මහතා මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණ මධ්‍යස්ථාන පිහිටුවීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ තුලින් මෙම පලාතේ තරුණ තරුණියන්ට තම තමන්ගේ දක්ශතා වැඩි දියුණු කර ගැනීමටත්, නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් දැනිම ලබන්නටත් කලා කටයුතු මෙන්ම දෙස් විදෙස් රැකියා සදහා යොමු වීමටත් මෙම මධ්‍යස්ථාන තුලින් ලබා ගත හැකි බව හෙතෙම පැවසීය.

මෙම අවස්ථාවේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ක්‍රීඩා කටයුතු දියුණු කිරීම සදහා තමා ඇප කැපවී ක්‍රියා කරන බවත් විශේෂයෙන් වෙරළ ආශ්‍රිත කෙරෙන බීච් වොලිබෝල් ක්‍රීඩාව මෙම ප්‍රදේශයේ වෙරළ තීරයන් වල ප්‍රචලිත කල හැකි බවත් ඒ තුලින් දක්ශතා දක්වන ක්‍රීඩකයින් ජාත්‍යන්තර තරඟ බිමට යොමු කිරීමට තමන් අපේක්ෂා කරන බවත් එහිදී මඩකලපුව ප්‍රදේශයේ තරුණ තරුණියන් ද ජාත්‍යන්තර තරඟ බිමේ ක්‍රීඩා කරන අයුරු දැකීම තම අපේක්ෂාව බවද පැවසීය.

එමෙන්ම අද පළමු අදියර යටතේ විවෘත කරන ලද මෙම ක්‍රීඩාංගණ ඉදිරියේදී නවීන පහසුකම් සහිතව තවත් දියුණු කරන බවත් පාසල් සදහා ක්‍රීඩා උපකරණ හා පුහුණුකරුවන් ලබා දීමටත් ඉදිරියේදී කටයුතු කරන බවද රාජපක්ෂ මහතා කියා සිටියේය.

මෙම සංචාරයේදී ගරු රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් – ගරු ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය තේනූක විදානගමගේ. මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා, මඩකලපුව දිසාපති කේ.කරුණාකරන් මහතා සහ දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂයේ මහ ලේකම් ප්‍රසන්තන් මහතාද එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *