යුතුකම් අගයන තරුණ පරපුරක් වෙනුවෙන් Volunteer SL වැඩසටහන ලබන 27 වන සෙනසුරාදා ආරම්භ කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පසුගිය (22) දා පැවති ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ ස්වේච්ඡා සංවිධානය Volunteer SL හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
මේ මාසයේ 27 වන සෙනසුරාදා පළවෙනි ස්වෙච්ඡා දිනය (Volunteer SL Day) තුළ ගමට සමාජයට රටට ආදරය කරන සියලුදෙනාට එකට එක්ව වැඩ කිරීමට ආරාධනා කරන බව රාජපක්ෂ මහතා පැවසිය.
මෙහිදී පාර සුද්ද කරන්න, පල්ලිය, පන්සල, කෝවිල පිරිසිදු කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන විශාල පිරිසක් සිටින අතර ඒ සියලුදෙනාටම මෙම අවස්ථාවට ආරාධනා කරන බව හෙතෙම පැවසිය.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජෙනරාල් තෙෂාර ජයසිංහ, ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින්, අමාත්‍යංශ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.