• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බදුල්ලේ පානීය ජල ගැටළුව විසදන්න රු.මිලියන 20,000 අවශ්‍ය බව ඇමැති නිමල් කියයි

9 September 2020
in සංවර්ධන

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත පානීය ජල ගැටළුව විසදීම සඳහා රු.මිලියන 20,000 ක් යන බව ජල සම්පාදන මණ්ඩලය පෙන්වා දුන් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මෙරට 99% ජනතාවට විදුලිය ලබා දුන්නා මෙන්ම ,ඉදිරි වසර තුන තුළ මේ රටේ සෑම නිවසකටම පිරිසිදු පානීය ජලය ලබාදීමට අගමැතිවරයාගේ උපදෙස් පරිදි දැනටමත් අප ආණ්ඩුව කටයුතු කරන බව හෙතෙම පැවසිය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, බදුල්ල දිස්ත්‍රික්කයේ වතු හා ගම්මාන ආශ්‍රිත දුෂ්කර මාර්ග සංවර්ධන වැඩ සටහන යටතේ රුපියල් මිලියන 1500 ක වියදමින් හාලිඇල ආසනයේ ඉදි කළ මාර්ග විවෘත කිරීමේ උත්සව මාලාවේ කුරුකුදේ පැවති ජනහමුවේදීය.

මෙම වැඩ සටහන යටතේ කුඩා මාර්ග 60 කට ආසන්න ප්‍රමාණයක් ඉදි කල තිබේ. හාලිඇල ආසනයේ කොස්ගහතැන්න වතු කොටස,මහතැන්න ගම්මැද මාර්ගය, පල්ලෙවෙල, පෙරහෙට්ටිය මුල්ලෙආරාව, මාලිගාතැන්න වැවකොටස, ගෙදරගොඩහින්න මාර්ගය,කුඩුමහවෙල කුරුදුගහ උල්පත මාර්ගය, කටුගහ වැලිආරාව බෝඹුගොල්ල යන මාර්ග මෙදින අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරින.

එහිදී අමාත්‍යවරයා අනාවරණ කළේ අධිරාජ්‍යවාදීන් දැඩි ලෙස මර්දනය කළ ඌවේ ජනතාව තවමත් විවිධ දුෂ්කරතාවලින් පීඩා විදින බවයි. විශේෂයෙන් බදුල්ලේ වතු සහ කඳුකර ගම්මානවල ජනයා අදටත්, පානීය ජල ප්‍රශ්නය, සනීපාරක්ෂක වැසිකිලි නොමැතිවීම,මාර්ග දුෂ්කරතා නිසා දැඩි පීඩා විදින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

 මෙහි දි තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ,බදුල්ලේ පානීය ජල ප්‍රශ්නය තැන තැන විසිරී ඇති බවත්,ඒවාට තැන තැන කොටස් වශයෙන් විසඳුම්දීම පලක් නොවන බවත්,බදුල්ල දිස්ත්‍රික්කය සඳහාම සමස්ථ විසඳුමක් වත්මන් රජය ඉදිරි වසර තුන තුළ දි ලබා දෙනු ඇති බවය.

එසේම වතු සහ ගම්වල අවශ්‍ය ජනයාට සනීපාරක්ෂක වැසිකිලි පහසුකම් ආධාර ලබාදීමේ වැඩසටහනක් ඉක්මනින් අරඹන බව ද අමාත්‍යවරයා මෙහි දි ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවන්ට හාලිඇල ප්‍රාදේශීය සභාවේ අසේල දිසානායක, චමින්ද ප්‍රියදර්ශන, මහින්ද ජයවර්ධන යන මංත්‍රිවරු ද එක් වූහ
 

 

Post Views: 14
Previous Post

මහ කන්නයට පොහොර හිඟයකින් තොරව සපයන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Next Post

ජනතා බදු මුදල් නාස්ති නොකර මාර්ග සංවර්ධනය කල යුතුයි – රාජ්‍ය ඇමැති ලාන්සා

editor

editor

Next Post

ජනතා බදු මුදල් නාස්ති නොකර මාර්ග සංවර්ධනය කල යුතුයි - රාජ්‍ය ඇමැති ලාන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved