• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වතු ජනතාවට සාධාරණයක් ඉටු කරන්න රජය බැඳී සිටින බව ඇමැති නිමල් කියයි

27 September 2020
in දේශීය

වතුකර ජනතාවට සමාජ සාධාරණත්වය ඉටු කිරීමට රජය බැඳී සිටින බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සේවක – සේව්‍ය එකඟතාවය ලබා ගැනීමෙි අරමුණින් වතුකරය නියෝජනය කරන වෘත්තීය සමිති නායකයන් සහ වතු සමාගම් පාලනය කරන හාම්පුතුන්ගෙ සම්මේලනයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (24) කම්කරු දෙපාර්තමේන්තුවේ දි පැවැති සාකච්ඡාවේදිය.

එම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්,පාර්.මන්ත්‍රී වඩිවේල් සුරේෂ්, හිටපු පළාත් අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් ඇතුළු වතු වෘත්තීය සමිති නායකයන් ද හාම්පුතුන්ගේ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ ඇතුළු වතු සමාගම් නියෝජිතයෝ ද සහභාගී වූහ.

මෙහි දි අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ,මෙම වතු පාඩු ලබන බව කියමින් දිගින් දිගටම වතු කරගෙන යාම පුදුම සහගත බවත්,වතු සමාගම් පුණ්‍යායතන ලෙස කටයුතු කරන්නේ ද යන්න ප්‍රශ්න සහගත බවය.තමන් අධික ලෙස පාඩු ලබන්නේ නම් එම වතු නැවත රජයට බාරදිය හැක.එම වතු ලාභ ලබන ආකාරයෙන් පවත්වා ගෙන යාමට රජයට හැකි බව ද මෙහි දි ඇමතිවරයා පෙන්වා දුන්නේය.

වතු සමාගම්වලට විශාල මුදලක් රජය විසින් ලබා දී තිබිය දි , වතු නිවාස ඉදිකිරීම,මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදු කරයි.එසේම වතු රෝහල් රජයට පවරා ගෙන වතුකරයේ සෞඛ්‍ය සේවා කටයුතු රජය බාර ගෙන ඒ වෙනුවෙන් ද රජය විශාල මුදලක් වාර්ෂිකව ආයෝජනය කරන බැවින්,එම නිසා වතු සමාගම්වලට විශාල මුදලක් ඉතිරි වන බව ද අමතිවරයා පෙන්වා දුන්නේය.

වතු සමාගම් බොහෝමයක් එහි සේවකයන්ට පානීය ජලය,සනීපාරක්ෂක පහසුකම්,නිවාස වැනි මූලික අත්‍යාවශ්‍ය පහසුකම් ලබාදීමට අපොහොසත් වී ඇතැයි පෙන්වා දුන් ඇමතිවරය ,වතුකර ජනතාවට සමාජ සාධාරණත්වය ඉටු කිරීමට මෙම රජය බැඳී සිටින බව ද අවධාරණය කළේය.

 

Post Views: 8
Previous Post

මත්ද්‍රව්‍ය වසංගතය මුලිනුපුටා දැමුවහොත් අපරාධ අඩුවන බව මහනුවර නව නියෝජ්‍ය පොලිස්පති කියයි

Next Post

දැව භාණ්ඩ නිපදවීම කඩිනමින් කල යුතුයි – ඇමැති විමල් පවසයි

editor

editor

Next Post

දැව භාණ්ඩ නිපදවීම කඩිනමින් කල යුතුයි - ඇමැති විමල් පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved