27 April 2024
#දේශීය

රාජ්‍ය ඇමැති කුඹල් කර්මාන්තකරුවන් ද්‍රව්‍යමය ආධාර බෙදයි

2021 සාම්ප්‍රදායික හා ග්‍රාමීය කර්මාන්ත ගම්මාන සංවර්ධන ඒකාබද්ධ වැඩසටහන යටතේ මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කටුපොත හා ඇලප්පන්කුළම ගම්මානයන්හී කුඹල් කර්මාන්තකරුවන්ට අවශ්‍යය ද්‍රව්‍යමය ආධාර බෙදා දීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කටුපොත හා ඇලප්පන්කුළම ගම්මානයන්හී තෝරා ගත් කුඹල් කර්මාන්තකරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදනයන් සිදු කිරීමට අවශ්‍යය වැඩ මඩුවක් සකස් කර ගැනීම සඳහා ද්‍රව්‍යමය ආධාර බෙදා දීම මෙහිදී සිදු විය.

ඒ අනුව වැඩමඩුව සකස් කිරීමට අවශ්‍යය ඇස්බැස්ටෝ සෙවිලි ෂීට්, සිමෙන්ති කණු, සිමෙන්ති, වැලි, මැටල් ආදී රුපියල් ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ එක් ප්‍රථිලාභියකුට ලැබෙන සේ ප්‍රථිලාභීන් 27 දෙනෙකු වෙත බෙදා දීම සිදු විය. වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍යය අමාත්‍යංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.

එම ගම්මානයේ කර්මාන්තකරුවන්ට දීර්ඝ කාළයක පටන් පැවති අවශ්‍යයතාවක් වූ වැඩමඩුවක් ඉදි කිරීමට අවශ්‍යය භාණ්ඩ මේ ලෙස බෙදා දිම සිදු විය.මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන සකපොරු ඇතුළු උපකරණ තබා ගැනීමට හා නිෂ්පාදනය කරන මැටි භාණ්ඩ අව්-වැසි වලින් බේරාගෙන අසුරා ගැනීමට වැඩමඩුවක් බෙහෙවින් උපකාර වන බව කර්මාන්තකරුවන් එහිදී පෙන්වා දුන්හ.

මෙම අවස්ථාවට මිහින්තලය ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක සරත් ඉලංගසිංහ, මිහින්තලය ප්‍රාදේශීය සභා මන්ත්‍රී චින්තන රුක්මන් යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, මිහින්තලය ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ඇතුලු රාජ්‍යය නිළධාරීන් සහභාගී වූහ.

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *