27 April 2024
#දේශීය

නව ක්‍රිඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ මාතලේ ක්‍රිඩාංගණය හදන බව කියයි

දැනට වැඩ අතරමග නවතා ඇති බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණය ඇතුලු හොකි ඇතුලු අනෙකුත් ක්‍රිඩාංගණ හැකි ඉක්මණින් යථා තත්වයට පත් කිරිම තමාගේ ප්‍රමුඛ කාර්ය බවට පත්වන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසිය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාතලේ යුනයිටඩ් ක්‍රිඩා සමාජය විසින් සංවිධෘනය කළ උත්සවයකට සහභාගි විමෙන් අනතුරුව බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේදි මෙම අදහස් පළ කළේය.

මෙම අවස්ථාවට යුනයිටඩ් ක්‍රිඩා සමාජයේ අධ්‍යක්ෂ,නාගරික මන්ත්‍රි එම්.සෆරුල්ලා,ප්‍රවිණ ක්‍රිඩක රංජිත් අලුවිහාරේ,මාතලේ හොකි සංගමයේ ලේකම් දායන් දිසානයක යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *