• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා ආසාදිතයින් නිවෙස් තුල නිරෝධායනය කරන්නැයි රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

24 January 2021
in දේශීය

කොරෝනා මර්ධනය ගැන කතා කරනකොට කොවිඩ් වැලදුනු එහෙත් සංකූලතා පෙන්වන්නේ නැති පිරිස් සදහා අදාළ පහසුකම් තිබේනම් සිය නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව සලසා දිය යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්තල තරුණ බල මණ්ඩලය පිහිටුවමින් අද (24) දින වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට සහභාගි වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, “අපි මහජන නියෝජිතයෝ හැටියට ගම් වලට ගියාම ජනතාව අපෙන් ඉල්ලන දෙයක් තමා නිරෝධායන මධ්‍යස්ථානවල වගේම ගෙවල් වලත් නිරෝධායනය වෙන්න අවස්ථාව දෙන්න කියලා. ජනතාවගේ අදහස වෙලා තියෙන්නේ තැන් තැන්වල ගෙනිච්චට කමක් නැහැ. සංකූලතා නැතිනම්, රෝගාබාධ නැතිනම් නිවසේ නිරෝධායනයට අවස්ථාව දෙන්න කියලා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාගෙන්, කොරෝනා මර්ධන කමිටුවෙන් හා අදාළ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා ජනතාවගේ එම ඉල්ලීම සලකා බලා නිරෝධායන ක්‍රියාවලිය නිවසේ සිට සිදු කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා. රජයෙන් නොමිලේ ලබා දෙන නිරෝධායන වැඩපිළිවෙල තිබුනත් සියළු දෙනා එම ස්ථාන වලට ගෙනියන්න බැහැ. හෝටල් වලට ගියාම විශාල මුදලක් අය කරනවා. මේක සමහර අයට දරා ගන්න බැහැ. ඒනිසා සමහර අය මේ සම්බන්ධයෙන් නොසතුට පල කරනවා. අපි මේක තේරුම් ගන්න ඕනේ මහ ජනතාව සමග ඉන්න පුද්ගලයින් හැටියට. කොරෝනා පාලනයට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ විශාල සේවාවක් ඉටුකළා. ඒයාලට අපේ ගෞරවය පුද කළ යුතුයි. අපි දැක්කා විදෙස් ගතව සිටින ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ අපේ රටට ඔවුන්ව ගෙන්වා ගන්න කියලා විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. අපි පැහැදිලිව කියනවා එම පිරිස් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. පසුගිය 21 වෙනිදා සිට ගුවන් තොටුපල විවෘත කිරීමත් සමග ඔවුනට ලංකාවට පැමිණීමට අවස්ථාව උදාවෙලා තිබෙනවා. අදාළ පීසීආර් පරීක්ෂණ කරලා සෞඛ්‍ය උපදෙස් මාලාවක් යටතේ නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව සලසා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය

Post Views: 8
Previous Post

වැව් මාළු ප්‍රදේශිය වශයෙන් දියුණ කරන්න රාජ්‍ය ඇමැති දුමින්ද සැරසෙයි

Next Post

පුංචි මිනිස්සුවට උදව් කිරීමට ලැබීම ගැන නිහතමානිව සතුටු වෙනවා -රාජ්‍ය ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

පුංචි මිනිස්සුවට උදව් කිරීමට ලැබීම ගැන නිහතමානිව සතුටු වෙනවා -රාජ්‍ය ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved