• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාවට එන්නත්කරණය කර රට සාමාන්‍ය පරිදී වීවෘත කරන බව රාජ්‍ය ඇමැති ලාන්සා පවසයි

7 February 2021
in දේශීය

ඉදිරි මාස තුන හතර තුළ මිලියන 22 ක් වූ ජනතාවට එන්නත්කරණ කටයුතු සිදුකරමින් රට සාමාන්‍ය පරිදි විවෘත කිරීම රජයේ අරමුණ බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මේ අදහස් පළ කර සිටියේ (06) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිව් දෙස සුරැකි සිව් වසර තේමාව යටතේ පැවති වත්තල කාන්තා සම්මේලනය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, “රට විවෘත කරමින් කොවිඩ්වලින් ආරක්ෂා වෙමින් අපේ දෛනික කටයුතු පවත්වාගෙන යා යුතුයි. මොකද වෛද්‍ය විශේෂඥවරුන් කියනවා කොවිඩ් එකේ බලපෑම තව අවුරුදු 3 ක් පමණ තියෙයි කියලා. ඒ හින්දා රට විවෘත නොකර කිසි දෙයක් නොකර හිටියොත් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිද වැටේවී. ජනතාවගේ ආර්ථිකය බිද වැටේවී. රට විශාල ණය උගුලක හිර වේවී. ඒනිසා අපි මෙයට සාර්ථකව මුහුණ දීමටනම් රට විවෘත කළ යුතුයි. ජනතා කේනද්‍රීය වැඩපිළිවෙලක් තුළින් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නංවාලීම හා කාන්තාවන් ව්‍යවසායකයින් ලෙස සවිබල ගැන්වීම සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරලීමේ අරමුණින් මෙවර අයවැයෙන් යෝජනා රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා. රට හදන “සෞභාග්‍යයේ දැක්ම” වැඩසටහන ඉදිරි සිව් වසර තුළ යථාර්ථයක් කිරීමේ අරමුණින් වත්මන් රජය කටයුතු කරනවා. එම නිසා කොවිඩ් බලපෑම තිබියදීත් රටේ සංවර්ධන කටයුතු දීප ව්‍යාප්තව සිදු කරමින් තිබෙනවා. සංචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් යුක්රේන සංචාරකයෝ ගෙන්වනකොට ගණිකාවෝ ගෙන්වනවා කියලා විපක්ෂය කාන්තාවන්ට අපහස කළා. කාන්තාවන්ට අගෞරව කරන්න හොඳ නැහැ. විපක්ෂය යුද්ධය ඉවර කරන්න බැහැ කියලා කීවා. යුද්ධය ඉවර කළා. කොවිඩ් එක පාලනය කරන්න බැහැ කියලා කිව්වා. කොවිඩ් එක පාලනය කළා. අපේ රට පුංචි රටක් වෙලත් ලෝකයේම කොවිඩ් පාලනය අතින් 10 වෙනි තැනට ආවා“ යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා හර්ෂනී ගුණවර්ධන, ඩයනා ගමගේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනී කේෂලා ජයවර්ධන, කාන්තා කාර්යාංශයේ සභාපතිනී බියෙට්‍රිස් දිසානායක, කුළු බඩු හා ඒ ආශ්‍රිත නිපැයුම් සංස්ථාවේ සභාපතිනී කුමුදුනී ගුණසේකර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයේ ප්‍රධාන ලේකම් අශෝකා ලංකාතිලක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රූපලාවන්‍යා සංගමයේ සභාපතිනී ප්‍රියංකා ජයසේකර, හර්චනා රණතුංග, ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ වත්තල කැදවුම්කාරිනී විශ්ව ප්‍රභා, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න අල්විස් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Post Views: 9
Previous Post

ජනපතිට සංදේශය දුන් රණවිරුවාට කෘත්‍රිම පාදයක් දෙන්න ශෙහාන් පොරොන්දු වෙයි

Next Post

ඉන්දියාවේ සේවය නියුතු ශ්‍රී ලාංකිකයන්ට මෙරට EPF/ETF දීමට එකඟතාවය පල කරයි

editor

editor

Next Post

ඉන්දියාවේ සේවය නියුතු ශ්‍රී ලාංකිකයන්ට මෙරට EPF/ETF දීමට එකඟතාවය පල කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved