27 April 2024
#දේශීය

බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණය නවිකරණය ගැන රාජ්‍ය අමාත්‍ය රෝහණ ප්‍රධානත්වයෙන් සාකච්ඡා

වසර අටක් තිස්සේ නවිකරණය කරමින් පවතින මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ ඉතිරි සංවර්ධන කටයුතු අදියරයෙන් අදියර නිම කිරිමට කටයුතු කරන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ සංවර්ධන කටයුතු පිලිබදව මාතලේ මහ නගර සභාවේ දි පැවති සාකච්ඡාවකදිය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ නිසි සැලැස්මකින් තොරව සිදු කළ සංවර්ධන කටයුතු නිසා අද වන විට මාතලේ දිස්ත්‍රික්කයේ මලල ක්‍රිඩා මෙන්ම අනෙකුත් ක්‍රිඩා සිදු කිරිමට ක්‍රිඩකයින්ට වෙනත් ක්‍රිඩාංගණය සොයා යැමට සිදුව ඇති බවත් වසර ගණනාවක් තිස්සේ මාතලේ දිස්ත්‍රික්කයෙන් මලල ක්‍රිඩා ප්‍රමුඛව වෙනත් ක්‍රිඩාවන් සදහා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ ඉදිරියට පැමිණිමේ අඩුවක් ඇති බවය.

එයට ප්‍රධාන හේතුවෙ ලෙස මාතලෙ ්නගරයේ ප්‍රමුඛතම ක්‍රිඩාංගණය වසා දමා වසර අටක් තිස්සේ සිදු කළ සැලසුමකින් තොර සංවර්ධන කටයුතු නිසා මෙම තත්වය ඇතිවු බවය.නමුත් අදරුට සාප නොකර එක පහනක් හෝ දල්වමින් වත්මන් කාලයේදි මාතලේ කඩා වැටි ඇති ක්‍රිඩාව මෙන්ම ක්‍රිඩක ක්‍රිඩිකාවන් සදහා අවශ්‍ය පහසුකම් සැපයිමේ වගකිම තමාගේ දෙවුර මත පැටවි ඇති බවත් එම අභියෝගය බාර ගෙන ඉදිරියේදි ක්‍රිඩාවට වඩාත් උචිත වු නගරයක් ක්‍රිඩාංගණයක් සකස් කිරිමට හැකි සැම පියවරක්ම ගන්නා බවද අමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට මාතලේ මහ නගරාධිපති එස්.ප්‍රකාශ්,උප නගරාධිපති අමිල නිරෝෂන, මන්ත්‍රිවරුන් වන එම්.සෆරුල්ලා,පාලිත ජයසේකර,ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්(සංවර්ධන)එස්.එච්.ඒ.එන්.ඩි අබේරත්න,මාතලේ අතිරේක දිසාපති නිශාන්ත කරුණාතිලක,මාතලේ නාගරික කොමසාරිස් එම්.යු නිශාන්ත ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික/මාතලේ ක්‍රිකිට් සංගමයේ සභාපති සුජිව ගොඩලියද්ද යන මහත්ම මහත්මින් ඇතුලු ක්‍රිඩා සංගම් නියෝජිතයින් පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *