27 April 2024
#දේශීය

කොරෝනා අවධානම පහව ගොස් නැති බව රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි කියයි

පවතින කොවිඩ් තත්ත්වයට හුරුවෙමින් ජීවිත්වීමට ඉගෙන ගත යුතු බව රාජ්‍ය ඇමැතිනි , විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ ඊයේ (19) කොළඹ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව දෛනිකව අඩු වුවත් තවමත් අවධානම පහව ගොස් නැතැයි ද පැවසු රාජ්‍ය අමාත්‍යවරිය එන්නත්කරණය තුළින් මරණ අනුපාතය අඩුකර ගත හැකි බව ද සඳහන් කළාය.

ආණ්ඩුවට පමණක් කොවිඩ් පාලනය තනිව සිදුකළ නොහැකි බව ද කොවිඩ් තත්ත්වය හමුවේ ඉදිරියටත් රට වසා තැබීමේ හැකියාවක් නොමැති බව ද පැවසු රාජ්‍ය අමාත්‍යවරිය ජනතා සහයෝගය ඊට ලැබිය යුතු බව ද සඳහන් කළාය.

රජයේ අරමුණ තමයි සැප්තැම්බර් මාසයේදී 30ට වැඩි සියලුදෙනා ම එන්නත්කරණය කිරීම හරහා මරණ අවම කර ගැනීමට කටයුතු කරන බව ද ඇය පැවසිය. එසේම ඩෙල්ටා ප්‍රභේදය තියෙන රටවලත් රෝගය වැලදුනාට මරණ අනුපාතය අඩුවී ඇති අතර අපේ අරමුණත් එන්නත්කරණය හරහා රට ක්‍රමානුකූලව අරින්න බව ඇය කියා සිටියාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *