27 April 2024
#දේශීය

ඇමති ප්‍රසන්නගේ උඩුගම්පල කාර්යාලය යළි මහජන සේවයට විවෘත කෙරේ

අරගලකරුවන් ගිනි තබා විනාශ කළ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල කාර්යාලය යළි මහජන සේවයට අද (27) දින විවෘත කිරීම කෙරේ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල පිහිටි නිවස, කාර්යාලය සහ ශ්‍රවණාගාරය පසුගිය මැයි 09 වැනිදා කිසියම් පිරිසක් විසින් ගිනි තබා සම්පූර්ණයෙන් විනාශ කළේය. එදින සිට මේ දක්වා උඩුගම්පල කාර්යාලයේ මහජන දිනය පැවැත්වීමට නොහැකි විය. අරගලකරුවන් ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස හා කාර්යාලය සම්පූර්ණයෙන් ගිනිබත් කිරීමෙන් පසු මේ වනවිට කාර්යාලය සහ ශ්‍රවණාගාරය යළි ඉදිකර අවසන්ව තිබේ. එහි ඉදිකිරීම් සිදුකර ඇත්තේ රණතුංග මහතාගේ පෞද්ගලික වියදමිනි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *