• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පක්ෂ දෙකටම උපදෙස් ලබා දෙන්න ඕන – ඇමැති රාජිත කියයි

26 October 2018
in දේශීය

අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදීම සදහා එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළපුරුදු දේශපාලනඥයින්ගෙන් සැදුම්ලත් උපදේශක මණ්ඩලයක් පත් කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ජා-ඇල අලෙවි ශාඛාව ජා-ඇල කපුවත්ත ප්‍රදේශයේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “වත්මන් රජය මානුෂීය සේවා රැසක් සිදු කළත් එය ජනතාවට කියා ගන්න බැරි වී තිබෙනවා. වෙන භූත කථා කියනවා. එක පක්ෂයක අය අනෙක් පක්ෂයේ අයට බනිනවා. එම පක්ෂයේ අය අනෙක් අයට බනිනවා. ඉටු කළ ජනතා සේවාවන් ඉදිරිපත් නොකොට වාද විවාද කරනවා. එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් කෘතහස්ත දේශපාලනඥයින් රැසක් දැන් පැත්තකට දාලා ඉන්නවා. ඔවුන් එකතු කරලා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදීම සදහා උපදේශක මණ්ඩලයක් නිර්මාණය කළ යුතුයි. දේශපාලන දැනුම, පළපුරුද්ද හාවඩ් විශ්ව විද්‍යාලයේ උපාධියටත් වඩා වැදගත්. අග්‍රාමාත්‍ය ඩි.එස් සේනානායක මහතාට උපාධියක් තිබුනේ නැහැ. නමුත් හොද ජනතා සේවාවක් ඉටු කළා. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියටද උපාධියක් තිබුනේ නැහැ. නමුත් ලොව ප්‍රථම අගමැතිනිය ලෙස එය විශිෂ්ට සේවාවක් ඉටු කළා.හිටපු ජනාධිපති ඡේ.ආර් ජයවර්ධන මහතාගේ දේශපාලන දැනුම ද ඉතාම වැදගත්. බණ්ඩාරනායක මැතිණියගේ විදේශ ප්‍රතිපත්තිය මුළු ලෝකයම අගය කරනවා.”

‍මෙම අවස්ථාවට හිටපු කථා නායක ඡෝශප් මයිකල් පෙරේරා, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ, ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති එම්.ඩී බන්දුසේන යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

ෆොන්සේගෙන් උපදෙස් ගත් බව DIG නාලකගෙන් CIDයට ප්‍රකාශයක්

Next Post

මහින්ද .. බුද්ධි අංශය කියලා කොටින්ට වැටුප් දුන් බව ඇමැති පාඨලි කියයි

editor

editor

Next Post

මහින්ද .. බුද්ධි අංශය කියලා කොටින්ට වැටුප් දුන් බව ඇමැති පාඨලි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved