• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගොඩනැගිලි ද්‍රව්‍ය මිල අඩු කිරීමට රාජ්‍ය ඇමැති සියඹලාපිටිය මැදිහත් වෙයි

30 May 2023
in දේශීය

ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුපියලේ අගය 20%කින් පමණ අධිප්‍රමාණය වී ඇති පසුබිම තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහළ ගොස් ඇති ආකාරය සොයා බැලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (30) මුදල් අමාත්‍යශයේ දී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

මෙහි දී විශේෂයෙන් ම ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි බලගැන්වීම සඳහා වන යෝජනා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

ලෝක වෙළෙඳපොළේ සිමෙන්ති, යකඩ සහ ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල පහත බැස ඇති බවත්, ඊට ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ ය. විවෘත ආර්ථිකය යටතේ මිල අඩුවීමේ ඉබේ සිදු වීමට ඉඩ නොතබා අවශ්‍ය මැදිහත්වීම් සිදු කළ යුතු බව හෙතෙම සඳහන් කළේ.

මිල වැඩිවීමේ වේගයට සාපේක්ෂව මිල අඩුවීම සිදු වන්නේ ඉතා මන්දගාමී ආකාරයෙන් බව සඳහන් කළ සියඹලාපිටිය මහතා කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය සහය ලබා දීමට රජය සූදානම් බවයි. රජය මගින් විවිධ කොන්ත්‍රත්කරුවන් සඳහා ගෙවා දැමීමට තිබුණ රුපියල් බිලියන 360ක බිල්පත් ගෙවා දැමමින් සිටින බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටි අතර තවත් ගෙවීමට ඇත්තේ රුපියල් බිලියන 135ක බිල්පත් පමණක් බව ද සිහිපත් කර සිටියේ ය.

ඉදිරි කාලය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහත යන ආකාරය නිරීක්ෂය කරමින් මසකින් රැස්වී අදාළ මිල ගණන් පහත දමන ප්‍රතිශතය නිශ්චිත දැනුම් දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, කර්මාන්ත අමාත්‍යාංශය, පාරිභෝගික සේවා අධිකාරිය වැනි ආයතන නියෝජනය කරමින් මෙම අවස්ථාවට නියෝජිතයෝ සහභාගී වූහ.

Post Views: 7
Previous Post

කටුපොල් වගාව සඳහා පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලීමක්

Next Post

මහනගර සංවර්ධන සැලසුම කඩිනමින් ඇරඹේ – ඇමති ප්‍රසන්න

editor

editor

Next Post

මහනගර සංවර්ධන සැලසුම කඩිනමින් ඇරඹේ - ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved