27 April 2024
#දේශීය

දකුණ සහ බස්නාහිර කුළි මිනීමරුවන්ට ඇමැති ටිරාන් දැල එලයි

දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවෙමින් පවතින දරුණු අපරාධ වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ (21) පොලිස් ප්‍රධාන්න් කැඳවා සිදු කල විශේෂ සාකච්ඡාවේදිය.

මෙ සාකච්ඡාව සඳහා අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති ඩී.සී.වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන්, දකුණු පලාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී.මැදවත්ත, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන අය සහභාගි වී ඇත. එසේම මීනිමරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට ඇමැතිවරයා ටිරාන් යෝග කර ඇති එසේම එවැනි මෙහෙයුම්වලදී අනිසි බලපෑම් සිදු කිරීමට කිසිවෙකු‌ හෝ ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා ද තමාට සහතික බව වු බව ටිරාන් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

එසේම නීතිවිරෝධී සහ බලපත්‍ර රහිත ගිනිඅවි ආරක්ෂක අංශවලට භාරදීම සඳහා ජුලි 31 වනදා දක්වා සහන කාලයක් ලබාදී ඇති බවද ඔහු පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *