• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කෘත්‍රීම මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ද ජාතන්තර සමුළුවට ඇමැති ටිරාන් සහභාගී වෙයි

10 July 2023
in දේශීය

ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ මූලිකත්වයෙන්,ඇමෙරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් මහතාගේ ප්‍රධානත්වයෙන් කෘතීම මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් 2023 ජුලි 7වෙනි දින zoom තාක්ෂනය ඔස්සේ පවත්වන ලදී.

මෙම සමුළුව සඳහා ඇමරිකා එක්සත් ජනපදය,එක්සත් රාජධානිය,ඊශ්‍රායලය,ජර්මනිය,ඉතාලිය, ආජන්ටිනාව, බෙල්ජියම, කැනඩාව,ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, කොරියාව ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක විෂය භාර අමාත්‍යවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙම සමුළුවට සහභාගි වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද සහභාගි විය.

කෘත්‍රීම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ බෙදා හැරීම මර්දනය කිරීමට ලොව සියලු රටවල් එක්ව කටයුතු කළ යුතුය යන සංකල්පය ඔස්සේ ජාත්‍යන්තර සම්මුතියකට එළඹීම මෙහි අරමුණ විය.

එහිදී විශේෂයෙන් ම දැනට කෘත්‍රීම මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාර පවතින රටවල් සහ වෙළඳපල තුළ කෘත්‍රීම මත්ද්‍රව්‍ය අලෙවි වුවද නිෂ්පාදනාගාර නො පවතින රටවල් ලෙස කාණ්ඩ දෙකක් යටතේ ලොව රටවල් වර්ග කළ හැකි බවත් නිෂ්පාදනාගාර පවතින රටවල් එම නිෂ්පාදන කටයුතු වැළැක්වීම සඳහාත්, දැනට නිෂ්පාදනාගාර නොපවතින රටවල් එවැනි නිෂ්පාදනාගාර ඇතිවීමට ඇති ඉඩකඩ වැළැක්වීම සඳහාත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද, මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ලොව රටවල් දැනට භාවිතා කරනු ලබන තාක්ෂණික ක්‍රමවේදයන් සහ මෙවලම් රට රටවල් අතර හුවමාරු කර ගැනීම තුළින් මෙම නිවාරණ කටයුතු වේගවත් කළ හැකි ආකාරය පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කිරිම ඇතුළු තවත් වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන ලදී.

Post Views: 46
Previous Post

තඹුත්තේගම නගරයේ ඉඩම් දේශපාලන හිතවතුන්ට එරෙහිව මහවැලිය ඉදිරිපිට විරෝධය

Next Post

සහෝදරත්වය බෙදා ගන්නා රටක් ඕනෑ බව මන්ත්‍රී අනුර කියයි

editor

editor

Next Post

සහෝදරත්වය බෙදා ගන්නා රටක් ඕනෑ බව මන්ත්‍රී අනුර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved