• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නෙල්ලි කෝලා පානය ජනගත කිරීමට ඇමැති විමල් එක්වෙයි

23 February 2021
in දේශීය

‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගම දේශීය දැනුම් පද්ධතිය සහ ස්වභාවික අමුද්‍රව්‍ය පදනම් කරගත් ‘ නෙල්ලි – කෝලා’ පානය ජනගත කිරීම මෙරට සෙසු ව්‍යවසායකයන්ට ගත හැකි බෙහෙවින් අගය කළ යුතු ආදර්ශයක් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) පානදුර ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගම විසින් ‘නෙල්ලි කෝලා’ පානය ජනගත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය. ” මුදිත සමනක්කොඩි මැතිතුමා ‘නෙල්ලි කෝලා’ නැමැති පානය මෙරට වෙළඳපොළට පමණක් නොවෙයි අනාගතයේදී පිටරට වෙළෙඳපොළ ද ඉලක්ක කොටගෙන නිපදවා ජනගත කරන අවස්ථාවට සහභාගී වීමට ලැබීම මම ඉතා වැදගත් කොට සලකනවා. ඕනෑම ජාතියක ඉරණම තීරණය කළ හැකි එක් ප්‍රබල සාධකයක් වන්නේ එම ජාතිය සතු ආහාර සංස්කෘතියයි. යුද්ධයකදී එකවර මරන්න පුළුවන් වගේම ජාතියක ආහාර සංස්කෘතිය වැරැද්දුවොත් එම ජාතිය ටික ටික මරන්න පුළුවන්. අද අපි ජීවත් වන්නේ බෝවන රෝගවලට වඩා බෝනොවන රෝග බහුල වූ සමාජයකයි. ‘රෝහල්වල ඉඩකඩ මදි’ කියා අවලාද නැගුවාට අපේ ආහාර සංස්කෘතියේ තිබෙන අවුල ගැන අපි සාකච්ඡා කරන්නේ නැහැ. පිටරටින් ‘කිරිපිටි’ කියා එන එහෙත් කිරිපිටි නොමැති ඌරු තෙල් වැනි දෑ අඩංගු බහුජාතික සමාගම්වල පිටි බීලා අපේ දරුවෝ පාසල් ගියාම ඔවුන් ටික කාලයකින් දියවැඩියාවෙන් ඔත්පල වූ දරුවන් වෙනවා. පාන් පිටි කෑම කාලා කොලෙස්ටරෝල් බහුල දරුවන් වෙනවා. ඉතිහාසයෙන් උරුම වූ ආහාර රටාවෙන් අපි එළියට යනවා. ඒ වෙනුවට ආහාර සංස්කෘතියේ අනන්‍යතාවක් නොමැති ජාතියක් බවට අප පත් වෙමින් තිබෙනවා.

මේ ඉරණමට එරෙහිව සටන් වැදීම මේ යුගයේ අප සියලුදෙනාටම පැවරුණු ඓතිහාසික වගකීමක්, යුතුකමක්. ඒ ඓතිහාසික වගකීමේ සහ යුතුකමේ තමන් සතු කොටස තමයි අද මුදිත සමනක්කොඩි මැතිතුමා ප්‍රධාන මේ පිරිස ඉටුකරමින් සිටින්නේ. අපේ දරුවන් ‘පැණි බීම – කෝලා’ බීලා ඒ නිසා හැදෙන බෝනොවන රෝගවලට ගොදුරු වන විට ඒ දිහා නිකං බලා නොසිට ඒ දරුවන් ‘පැණිබීම – කෝලා’ සංස්කෘතියෙන් එළියට ගැනීමට තමයි මේ අය කටයුතු කරන්නේ. අපේ දේශීය දැනුම් පද්ධතිය තුළ තිබෙන, ස්වාභාවික අමුද්‍රව්‍ය පාදක කරගත් පානයක් තරගකාරීව නිපදවන්න තමයි මේ පිරිස කටයුතු කර ඇත්තේ. මෙය ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගත් පානයක්, ඒ වගේම ශක්තිජනක පානයක්. දැනට වෙළඳපොළේ තිබෙන සියලුම කෘත්‍රිම ශක්තිජනක පානවලට වඩා මෙය ශක්තියෙන් අනූනයි. අපේ ජීවන රටාවේ ඇති වෙමින් තිබෙන අවුලට උත්තර සොයන මෙවැනි නිෂ්පාදකයන් තමයි අද අපට ඕනේ. එහෙම නැතිව ‘වැල යන අතට මැස්ස ගහන’ අය නොවෙයි. මුදිත සමනක්කොඩි මැතිතුමන් ලබාදී ඇත්තේ ඒ ආදර්ශයයි. ඒ ආදර්ශය අපේ සෙසු ව්‍යවසායකයන්ට හා නිෂ්පාදකයන්ට ඉතාම ඉහළින් අගය කළ හැකි ආදර්ශයක්. දැනට මාස ගණනාවකට කලින් මෙතුමා මේ නිෂ්පාදනයේ සාම්පල අරගෙන අපේ අමාත්‍යාංශයට පැමිණියාම ඒ වෙනුවෙන් ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට අප එකඟ වුණා. එතුමන් සමග හවුල්කාරීත්වයකට පිරිසක් එක්ව තිබෙනවා. ඒ පිරිස සමග එක්ව කෙටි කලකින් මේ ‘නෙල්ලි කෝලා’ පානය ජනගත කිරීමට හැකිව තිබීම ඉමහත් සතුටට කාරණාවක්. යුරෝපය ඇතුළු බටහිර රටවල ජනතාව කෘත්‍රීම දෙයින් දැන් හෙම්බත් වෙලා. ඔවුන් දැන් සොයන්නේ ස්වාභාවික දේවල්. ඒ නිසා අන් කවර කලකටත් වඩා වැඩි වෙළඳපොළ අවකාශයක් මෙවැනි නිෂ්පාදකයන්ට ඇතිව තිබෙනවා. එය ද නිවැරදිව වටහාගෙන අපේ ආහාර සංස්කෘතියේ පවතින අවුලට එරෙහිව සටන් වදින මුදිත සමනක්කොඩි මැතිතුමා වැනි ව්‍යවසායකයන් වැඩි වැඩියෙන් බිහි කිරීමට දායක වීම අපේ අපේක්ෂාවයි. ඒ වගේම ‘නෙල්ලි කෝලා’ පානය මේ රටේ දූ දරුවන් අතරට පමණක් නොවෙයි එතෙර සිටින දූ දරුවන් අතරට ද ගෙන යාමට ශක්තිය හා ධෛර්යය පතනවා”

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ද විශේෂ ආරාධිතයෙකු ලෙස එක්ව සිටි අතර ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ මුදිත සමනක්කොඩි මහතා අදහස් දැක්වීය. චින්තන ජයසිංහ, පියුමි සමනක්කොඩි, මන්ද්‍රී සමනක්කොඩි යන එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 13
Previous Post

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනයට පත් කළ කමිටුවට පුළුල් කාර්යභාරයක් – ජනාධිපති මාධ්‍ය අංශය

Next Post

මම දුමින්ද එලියට එනකම්ම සටන් කරනවා – ඩෑන් ප්‍රියසාද්

editor

editor

Next Post

මම දුමින්ද එලියට එනකම්ම සටන් කරනවා - ඩෑන් ප්‍රියසාද්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved