27 April 2024
#දේශීය

චම්පික අවස්ථාවාදයේ කප්පිත්තකු බව ඇමති විමල් කියයි

‘දියසෙන් කුමාරයා’ ලෙසින් පිළිගත් අවස්ථාවාදයේ කප්පිත්තකු වන පා.ච. රණවක වැන්නකු සමග කවර දේශපාලන පෙරමුණු දැයි ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කර සිටියි.

අමාත්‍යවරයා ඊයෙ (11) පෞද්ගලික නාලිකාවක වැඩසටහනට සහභාගී වෙමින් කියා සිටියේ පා.ච. රණවක යනු ප්‍රතිපත්තියක් නැති, රටක් ජාතියක් ගැන ඒකමතික හැඟීමක් නැති, ඕනෑම දේශපාලන අසූචි වලක ලගින්නෙකු ලෙස මෙරට ජාතිකවාදී, ප්‍රගතිශීලී ජනතාව හඳුනා ගෙන ඇති බව ය.

පා.ච. රණවක මන්ත්‍රීවරයා ‘විමල්, ගම්මන්පිල ,බන්දුල එකතුකරගෙන ආණ්ඩුවට වැඩේ දීමට සාකච්ඡා කරමින් සිටිනවා’ යනුවෙන් තැන තැන ප්‍රකාශකර ඇතැයි තමන්ට ද දැනගැනීමට ලැබුණු බවත් එවැනි දේශපාලන පිංගුත්තරයකු සමග සාකච්ඡා කරනවා තබා ඔහු සිටින දෙස බැලීමටවත් තමන් ඇතුළු ඉහත පිරිස සූදානම් නැති බවත් වීරවංශ මහතා අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *