27 April 2024
#දේශීය

ආරක්‍ෂක අමාත්‍යාංශයේ බක්මහ උලෙළ ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණ පරිශ්‍රයේදී පැවැත්විණි.

චාරිත්‍ර වාරිත්‍ර රැසකින් සමන්විත ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ප්‍රධානතම උත්සවයක් වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අමාත්‍යාංශයේ සුභසාධන අංශයේ ප්‍රධානත්වයෙන් සම්ප්‍රදායික ක්‍රීඩා රැසක් ඇතුළත්ව සංවිධානය කළ ‘බක්මහ උලෙළ’ අමාත්‍යාංශ සියලුම කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විය.

මෙම අවස්ථාවට ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රාණි ගුණරත්න මහත්මිය සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *