• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආක්‍රමණශීලි ශාඛවර්ග කිහිපයකින් වල්නාශයකයත් නිපදවීමට තීරණය කරයි – පරිසර අමාත්‍යංශය

18 June 2021
in සංවර්ධන

කාබනික වගා වැඩපිළීවෙළට සහයෝගය දක්වමින් පරිසරයෙන් වහා ඉවත් කිරීමට නියමිත ආක්‍රමණශීලි ශාඛවර්ග කිහිපයක් යොදාගනිමින් අති ප්‍රබල ස්වාභාවික වල්නාශකයක් නිපදවන බව පරිසර අමාත්‍යාංශය පවසයි.

රසායනික පොහොර භාවිතය තහනම් කිරීම සමග රසායනික කෘමි නාහක හා වල් නාශක භාවිතය ද තහනම් කෙරෙන බැවින් වගාවේ වල් මර්දනයට සුදුසු වල් නාශකයක් නොමැතිවීම නිසා ගොවීන් අසීරුතාවයට පත්වීම වැළැක්වීම මෙහි අරමුණ වේ.

ඒ නිසා පරිසර අමාත්‍යාංශය යටතේ කාබනික ගොවිතැන නැංවීම සඳහා විශේෂ දායකත්වයක් සැපයීමට සූදානම් වන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ සියලුම නිලධාරින්ට ඊයේ (17) උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, තාක්ෂණික සේවා සමාගම, ඇතුලු බාහිර ආයතන රැසක නියෝජිතයෝ රැසක් සහභාගි වුහ.

ජනාධීපතිවරයා විසින් මෙරට වගාව සඳහා යොදා ගන්නා රසායනික පොහොර භාවිතය නැවැත්වීමට මෙන්ම ඒ වෙනුවට කාබනික වගාව හඳුන්වා දීමට ගන්නා ලද තීරණය ඓතිහාසික තීරණයක්. මෙම කටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශයට පමණක් පවරා නිහඩව සිටීමට අනෙකුත් අමාත්‍යාංශවලට හැකියාවක් නෑ. එමනිසා පරිසර අමාත්‍යාංශය විදියට මෙම කටයුතු සඳහා මැදිහත් වීමට අපිට විශාල වගකීමක් ඇතැයි පරිසර අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

දැනට ගොවීහු රසායනික පොහොර ඉල්ලා විශාල ලෙස විරෝධතා දක්වමින් සිටිති. ජනාධීපතිතුමන් විසින් කාබනික වගාව සඳහා ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වන්නේ මෙවර මහ කන්නයේ සිටයි. එමනිසා මෙවර යල කන්නයේ දී රසායනික පොහොර ලබා දීමේ අවශ්‍යතාවයක් පවතී.

එම නිසා කාබනික වගාව සඳහා පරිසර අමාත්‍යාංශය වශයෙන් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති සම්බන්ධව කරුණු මෙහි දී ඉදිරිපත් විය. ඒ අනුව දැනට කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ආයතන රැසක් එක්වී සිටින බැවින් පරිසර අමාත්‍යාංශය විසින් කාබනික වල් නාශකයක් හඳුන්වා දීමට මෙහිදී යෝජනා විය.

ඒ අනුව අපේ රටේ පරිසරයට ඉතා හානිකර ලෙස ව්‍යාප්තවෙමින් තිබෙන ආක්‍රමණික ශාඛ වර්ග කිහිපයක් යොදාගෙන ඉතා සාර්ථක ස්වාභාවික වල් නාශකයක් නිපදවීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව මෙම ආක්‍රමණික ශාඛ බහුල වශයෙන් පවතින හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒ සඳහා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට යෝජනා විය.

රසායනික පොහොර සමග කෘමිනාශක හා වල්නාශක ද තහනම් කෙරෙන බැවින් තේ හා රබර් කර්මාන්තයේ දී මෙන්ම වී ගොවිතැනේ දී ද අවශ්‍ය තරම් මිනිස් ශ්‍රමය ලබා ගැනීමට ඇති අපහසුව නිසා ගොවීහු මෙන්ම වගා කරුවෝද දැඩි ගැටළුසහගත තත්ත්වයකට පත්ව සිටිති.

එමනිසා ඊට විසඳුමක් වශයෙන් මෙම ආක්‍රමණික ශාඛ වර්ග යොදා ගනිමින් සාර්ථක වල් නාශකයක් නිපදවීමේ හැකියාවක් පවතී. එමෙන්ම එය සියයට සියයක්ම රසායනික භාවිතයෙන් ද තොර වේ. මේ සම්බන්ධ වැඩිදුර සාකච්ඡාවක් හෙට දින හම්බන්තොට අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම ආක්‍රමණික ශාඛ වහාම විනාශ කළ යුතු යැයි පරිසර අමාත්‍යාංශය විසින් නිර්දේශ කර තිබෙන ශාඛ විශේෂ වෙති.

එමෙන්ම මෙවර මහ කන්නයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සුළු හා මධ්‍යම මට්ටමේ ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

 

 

 

Ministry of Environment decides to produce herbicide from several invasive species

The Ministry of Environment states that a highly potent natural herbicide is being produced in support of the organic farming program using several invasive species that are to be removed from the environment immediately.

 

Post Views: 15
Previous Post

ගිනිගත් නැවෙන් බලපෑමට ලක්වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ මෙහෙයුම අඛණ්ඩව

Next Post

ගෝඨා වැඩ කරන්නේ ඊලග ඡන්දේ බලාගෙන නෙමෙයි – ඇමැති සරත්

editor

editor

Next Post

ගෝඨා වැඩ කරන්නේ ඊලග ඡන්දේ බලාගෙන නෙමෙයි - ඇමැති සරත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved