ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් 2027-2028 අධ්‍යයන වර්ෂය සඳහා වන කීර්තිමත් හියුබට් එච්. හම්ප්‍රි ශිෂ්‍යත්ව වැඩසටහන (Hubert H. Humphrey Fellowship Program) සඳහා අයැදුම්පත් භාරදෙන කාලය ඉක්මනින්ම අවසන් වන බවට මැදපෙළ වෘත්තිකයන්ට සිහිපත් කර තිබේ. ෆුල්බ්‍රයිට් හුවමාරු වැඩසටහනේ (Fulbright Exchange Program) කොටසක් වන මෙම ශිෂ්‍යත්වය, වෘත්තීය සංවර්ධනය සහ නායකත්ව වර්ධනය අරමුණු කරගත් මාස 10ක පූර්ණ අනුග්‍රහය ලබන වැඩසටහනකි.
මෙහිදී තෝරාගනු ලබන සාමාජිකයින්ට අධ්‍යයන අධ්‍යයන කටයුතු, වෘත්තීය සබඳතා, ගුවන් ගමන් ගාස්තු, සෞඛ්‍ය රක්ෂණ සහ අනෙකුත් පහසුකම් හිමිවන අතර, රජයේ හෝ පෞද්ගලික අංශයේ ඔප්පු කරන ලද නායකත්ව අත්දැකීම් ඇති මැදපෙළ වෘත්තිකයන්ට මේ සඳහා අයැදුම් කළ හැකිය. 2026 ජූලි 31 වන දිනට පෙර අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර, වැඩි විස්තර සහ අයැදුම් කිරීමේ උපදෙස් fulbrightsrilanka.org/award/humphrey වෙබ් අඩවියෙන් ලබාගත හැක.
















