27 April 2024
#ක්‍රීඩා

මහින්දානන්දගේ ප්‍රකාශයට විමර්ශනයක් ආරම්භ කරයි – ක්‍රිඩා අමාත්‍යංශය

2011 වර්ෂයේ ඉන්දියාවේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගය මුදලට පාවා දීමක් සිදුව ඇති බවට එවකට ක්‍රීඩා ඇමති වශයෙන් කටයුතු කළ මහින්දානද අලුත්ගමගේ මහතා පෞද්ගලික රූපවාහිනී වැඩසටහනකට සිදු කල ප්‍රකාශය සම්බන්දයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ක්‍රිඩා අමාත්‍යංශය පවසයි.

ක්‍රිඩා අමාත්‍යංශය නිවේදනය කළේ වර්තමාන ක්‍රීඩා විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම රූපවාහිනී  වැඩසටහනින් පසු ඒම පුවත ගැන අවධානය යොමු කර හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ  ප්‍රකාශය සම්බන්ධව පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ඒස්.රුවන්චන්ද්‍ර මහතා වෙත දැනුම් දී ඇති බවයි.

 

ඒ් අනුව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශ ලේකම්තුමා විසින් 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනතේ නීතිමය විධිවිධාන අනුව වහාම මේ පිළිබදව විමර්ශනයක් කොට නීත්‍යානුකූලව ක්‍රියා කරන ලෙස ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒ්කකය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.

මෙම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑම සති 02 කට වරක්ම තමා වෙත වාර්තාවක් ලබා දෙන ලෙසද ලේකම්වරයා මෙහිදී සදහන් කර ඇති බව ක්‍රිඩා අමාත්‍යංශය වැඩිදුරටත් නිවේදනය කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *