ඇමරිකාවේ Minnesota ප්‍රාන්තයේ Mall of America වෙත ISIS නාමයෙන් විශාල පිරිසකට එල්ල කරන වෙඩි ප්‍රහාරයක් සැලසුම් කළ බවට චෝදනා ලැබූ 18 හැවිරිදි Sheikhdoon Abdullahi Mohamud FBI විසින් අත්අඩංගුවට ගෙන තිබේ. U.S. Department of Justice සඳහන් කරන්නේ Minnesotaහි Richfield ප්‍රදේශයේ පදිංචි ඔහු ඔක්තෝබර් 6 වැනිදා අත්අඩංගුවට ගත් බවයි.
අධිකරණ ලේඛන අනුව Mohamud විසින් Mall of America හි ජනතාව බහුල අවස්ථාවක් ඉලක්ක කර ප්‍රහාරයක් සිදු කිරීමට අදහස් කර ඇති බවට FBI චෝදනා කරයි. ඔහු ISIS වෙත සහාය දක්වමින් ප්‍රහාරයක් සිදු කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබූ බවත්, FBI undercover මෙහෙයුමකදී ගිනිඅවි සහ පතොරම් ලබාගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බවත් බලධාරීන් පවසයි.
Mohamudට terrorism ක්‍රියාවක් සිදු කිරීම සඳහා firearm සහ ammunition ලබාගැනීම සම්බන්ධයෙන් එක් federal චෝදනාවක් පවරා තිබේ. කෙසේ වෙතත්, මෙම සියලු කරුණු දැනට චෝදනා පමණක් වන අතර, U.S. Department of Justice සඳහන් කරන පරිදි ඔහු අධිකරණයෙන් වැරදිකරු බව තහවුරු වන තුරු නිර්දෝෂී යැයි සැලකේ.
















