මිරිහාන සහ නුගේගොඩ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම විසින් ඊයේ රාත්‍රියේ මුල්ලේරියාව සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී දුම්වැටි ජාවාරම්කරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කර ගනිමින් මෙම මෙහෙයුම දියත් කෙරිණි. එහිදී මුලින්ම සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගේ නිවාස පරීක්ෂා කිරීමේදී නීති විරෝධී දුම්වැටි තුන්දහසකට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිසිය සමත් විය.
පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු මත, අංගොඩ සැළලිහිනි මාවතේදී තවත් අයිස් මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් කණ්ඩායම කටයුතු කළේය.
මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා අද දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
















